උඩ දියලුමදී වනඅලි ප්‍රහාරයකින් තරුණික් මරුට

closeup of the feet of a dead body covered with a sheet, with a blank tag tied on the big toe of his left foot, in monochrome, with a vignette added

උඩ දියලුම ප්‍රදේශය නැරඹීමට පැමිණ කූඩාරමක රාත්‍රිය ගත කළ තරුණියකට සහ තරුණයෙකුට එල්ල වූ වනඅලි ප්‍රහාරයකින් තරුණිය මිය ගොස් තිබේ.

වන අලි ප්‍රහාරයෙන් තරුණිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 23 හැවිරිදි වියේ පසුවූ මාතර ප්‍රදේශයේ පදිංචි තරුණියකි.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ 22 හැවිරිදි වියේ පසුවන තරුණයා රෝහල්ගත කර ඇති අතර ඔහු වාරියපොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොස්ලන්ද පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කරයි.

 

Exit mobile version