ඊයේ දවස ගැන දුකයි…  අද පාර්ලිමේන්තුව අරඹමින් කතානායකවරයා කියයි….

මේ අතිශය තිරණාත්මක අවස්ථාවේ දී  මතුව ඇති ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා කෙරෙන වැදගත් පාර්ලිමේන්තු විවාදයේ දී ඊයේ දිනය තුළ සාධනීය අදහස් දැක්වීම් ඉතා විරල වීම අතිශයින්ම කණගාටුදායක බව කථානායකවරයා අද පාර්ලිමේන්තුව ආරම්භ කරමින් පැවසුවේය.

“සභාව ආරම්භයේ දීම  බාධා කිරීමත් මෙවැනි තීරණාත්මක අවස්ථාවක දෙවරක් සභාව අත්හිටුවීමට සිදුවීමත් කණගාටුවක්.  ඒවා සිදුනොවිය යුතු දේවල් ලෙස දකිනවා.“

“සියලු මන්ත්‍රීවරුන් ඊයේත් පුරුදු පරිදි දේශපාලන අර්බුද මතුකරගෙන කටයුතු කිරීම  කණගාටුයි.  “


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ විවාද අවසානයේ දී අප සියලු දෙනාට එකඟවිය හැකි සුදුසු වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමේ අරමුණ සහිතව  විවාද පවත්වන්න…“ කතානායකවරයා කීවේය.

Exit mobile version