ඉමදුව සභාපතිවරයාගේ මරණය සම්බන්ද විවෘත තින්දුවක්…

ලලිත් චාමින්ද –

විරෝධතාකරුවන් පිරිසක් විසින් නිවසට එල්ලකළ ප්‍රහාරයෙන් පසුව හදිසියේ රෝගිවි කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව  මියගිය ඉමදුව ප්‍රාදේශිය සභාවේ සභාපති ඒ.වි සරත් කුමාර  (ශ්‍රිලංකාපොදුජනපෙරමුණ)ගේ සිරුරේ කොටස්  වැඩිදුර පරික්ෂණ සදහා යොමුකොට  දේහය නිදහස් කිරීමට  පියවර ගත් බැව් පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වු   ගාල්ල  කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර   පවසයි.

මියගිය සභාපතිවරයාගේ මොලයේ හෘදවස්තුවේ  සහ සිරුරේ කොටස් පටකවේද හා ව්‍යාදවේද පරික්ෂණයක් සදහා  ලබාගත් බවද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළේය. 

මියගිය පුද්ගලයාගේ හිසට  පහරදිම නිසා හිසේ ඇතිවු තුවාලයක්ද තිබෙන බව සඳහන් කළ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා  මොහුගේ  අසනිප තත්වයන් පිළිබඳ  සලකා බල  පරික්ෂණවලින් පසු මරණයට හේතුව  සම්බන්ධ තින්දුවක් ලබාදෙන බවද   වැඩිදුරටත් සඳහන් කළේය.


මියගිය සභාපතිවරයාගේ පශ්චාත් මරණ පරික්ෂණය අද (10) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවැත්විණි. සභාපතිවරයාගේ නිවසට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදි ඇත. 

එහිදි ඇතිවු ගැටුමෙන් පසු  අසනීපතත්වයක් හේතුවෙන්  සභාපතිවරයා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබිය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


 මිය යනවිට සභාපතිවරයා 69 හැවිරිදිවියේ පසුවිය.

Exit mobile version