ඉන්දීය පාර්ලිමේන්තුවේ ශ්‍රි ලංකාව ගැන වෙනම කාරක සභාවක් අද රැස්වෙයි !

ශ්‍රි ලංකාව මේ වනවිට මුහුණ දෙමින් සිටි අතිශය දරුණු ආර්ථික අර්බුදය පිළිබඳ ව අද (18) දින පැවති ඉන්දීය පාර්ලිමේන්තුවේ උපදේශක කමිටු රැස්වීමක් අද දින පත්වා මේ පිළිබඳව කතාබහට ලක් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු උපදේශක කමිටු රැස්වීමේදී මෙම දුෂ්කර අවස්ථාවේ අසල්වැසි රටට අවශ්‍ය ශක්තිය ලබා දීම පිළිබඳවපාරලිමෙන්තුවේ පක්ෂ විපක්ස නිටයොජිතයන්ගේ සහය ඒකමතිකව ලද බව ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

ඔහු විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උපදේශක කාරක සභා රැස්වීමට සහභාගි වූ මන්ත්‍රීවරුන් සමඟ ඡායාරූප ද පළ කළේය. විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරුන් වන වී. මුරලිදරන්, මීනක්ෂි ලේඛී සහ රාජ්කුමාර් රන්ජන් සිං යන මහත්වරු ද මෙම හමුවට සහභාගි වූහ.

ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු උපදේශක කාරක සභා රැස්වීමක මුලසුන දැරුවා. විවිධ කරුණු සහ ඉන්දියාවේ කාර්යභාරය පිළිබඳව ධනාත්මක වාතාවරණයක් තුළ හොඳ සාකච්ඡාවක් පැවැත්වුණා මෙම දුෂ්කර අවස්ථාවේ අපගේ අසල්වැසියා සමඟ නැගී සිටීමේ අවශ්‍යතාවයට ඒකමතික සහයෝගය ලැබුණා යනුවෙන් අමාත්‍ය ජයිශංකර් මහතා පවසා ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම පාර්ලිමෙන්තු කාරක සභාවට ශිව් සේනා පක්ෂයේ ප්‍රියංකා චතුර්වේදි සහ ද්‍රවිඩ මුන්නේත්‍ර කහගම් පක්ෂයේ තිරුචි ශිවා වැනි විපක්ෂ නායකයින් රැස්වීමට සහභාගී ව ඇත.

Exit mobile version