ඉන්දීය ගුවන් හමුදා යානාවක් අනතුරකට ලක් වෙයි!

ඉන්දීය ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් රාජස්ථානයේ ජයිසල්මර් ප්‍රදේශයේදී අද අනතුරට පත් වී ඇත.

ඉන්දීය ගුවන් හමුදාවට අයත් තේජාස් සැහැල්ලු සටන් ගුවන් යානයක් මෙහෙයුම පුහුණුවීම් අතරතුර “ජයිසල්මා”     අසලදී කඩා කඩා වැටී තිබිණි.

අනතුර සිද්ධවන්නට පෙර ගුවන්  නියමුවා ආරක්ෂිතව යානයෙන් පිටවී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන්   ඉන්දීය ගුවන් හමුදාව ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, “ඉන්දීය ගුවන් හමුදාවට අයත් තේජාස් ගුවන් යානයක් අද දින මෙහෙයුම් පුහුණු වැඩසටහනක් අතරතුර ජයිසල්මර්හිදී අනතුරකට ලක්වූ බවය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නියමුවා නිරුපද්‍රිතව පිටව ඇති බවත්  අනතුරට හේතුව සෙවීමට පරීක්ෂණ මණ්ඩලයක් පිහිටුවා ඇති බවත්  ඉන්දීය ගුවන් හමුදාව කියයි .

Exit mobile version