ඉන්දියාව සහ බ්‍රිතාන්‍ය නව නිදහස් වෙළෙඳ ගිවිසුම මෙම වසර අවසානයට පෙර

india britain

ඉන්දියාව සහ එක්සත් රාජධානිය අතර නිදහස් වෙළෙඳ ගිවිසුම මෙම වසර අවසාන වන විට අත්සන් කිරීමට හැකියාව පවතින බව එක්සත් රාජධානිය පවසයි.
ඒ අනුව මෙමගින් නව රැකියා අවස්ථා ඇති කිරීමටත් දෙරටේ ආර්ථික වර්ධන වේගය ඉහළ දැමීමටත් හැකියාව පවතින බවද ඉන්දියාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇලෙකස් එලිස් පවසයි.

‟ඉන්දියාවට සහ බ්‍රිතාන්‍යට සිය ආර්ථික වර්ධනය කර ගැනීමට අවශ්‍යයි. ඒ බව දෙරටේම අග්‍රාමත්‍යවරුන් ඉතාම පැහැදිලිව පෙන්වා දී තිබෙනවා. මෙම අරමුණු ඉටු කරගැනීමට නිදහස් වෙළෙඳ ගිවිසම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම මෙම ගිවිසුම මගින් ඉදිරි වසර 25 තුල දෙරටේම ආර්ථික වර්ධනයට විශාල දායක්තවයක් සපයනවා. මේ ගිවිසුම දෙරටේම ඉතිහාසය අලුත් කිරීමට සමත් වෙයි කියලා මම හිතනවා.” යනුවෙන් මහ කොමසාරිස්වරයා පවසා තිබේ.

මෙම ගිවිසුමත් සමඟ එළැඹෙන වසරේදී දෙරට අතර වෙළෙඳාම මෙම වසරට සාපෙක්ෂව දෙගුණයකින් ඉහළ යනු ඇති බවට අපෙක්ෂා කරන බවද දෙරටේම බලධාරීන් අනාවරණය කරයි. එමගින් ගෝලීය සැපයුම් දාමයටද විශාල දායකත්වයක් සැපයීමට හැකියාව ලැබෙනු ඇති බවටද විශේසඥයින් පෙන්වා දෙයි.


ඒ අනුව දැනට බ්‍රිතාන්‍ය සමාගම් 618ක් මෙම නව වෙළෙද ගිවිසුමට අනුකූලව ව්‍යාපාර කටයුතු කිරීමට නියමිතය. එහිදී පුද්ගලයින් ලක්ෂ පහකට ආසන්න පිරිසකට නව රැකියා අවස්ථා හිමිවීමට නියමිත බවද වාර්තාවේ. එමගින් අදාල සමාගම් වල පිරිවැටුම ඉන්දිය රුපියල් බිලියන හාරදහසකට ආසන්න විය හැකි බවට ගණන් බලා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එළෑඹෙන වසර වන විට විශාලතම ජන ගහනයක් සිටින රට බවට ඉන්දියාව පත්විීමට නියමිත අතර එරට තුල විශාල ශ්‍රම බලකායක් ඉදිරි කාලයේදී බිහිවීමටද නියමිතය.

Exit mobile version