ඉන්දියාව කරන්න යන නවතම තාක්ෂණික විප්ලවය

Anil Sahasrabudhe

ඉන්දියාව විසින් එරට තුල අර්ධසන්නායක නිෂ්පාදනය වර්ධනය කිරීම සම්බන්ධයෙන් විශේෂ අවාදනයක් යොමුකර ඇති බව එරට ප්‍රමුඛ පෙළේ විද්‍යාූඥයෙකු පෙන්වා දී ඇත.

ඒ අනුව ඉදිරියේදී ඉන්දියාව ලොව මේවන විට දැඩි ඉල්ලුමක් පවතින අර්ධසන්නායක නිෂ්පාදය වැඩි කිරීමට තවත් පියවර ගනු ඇති බවද ප්‍රකාශකර තිබේ.

ඉන්දියාවේ තාක්ෂණික අධ්‍යාපන කවුන්සිලයේ සභාපති ආචාර්ය අනිල් සහස්ස්‍රබුද්ධි විසින් මෙම අදහස් දකවනු ලැබුවේ පසුගියදා ඉන්දියාවේ කෘතිම බුද්ධි යොදාගෙන ඉන්දියාවේ අධ්‍යාපනය වර්ධනය කිරීම සම්බන්ධයෙන් පැවති විශේෂ කතිකාවකට එක්වූ අවස්ථාවේදීය.


මෙහිදී අධ්‍යාපනය වර්ධනය කිරීමට යොදා ගැනීමට හැකියාව පවතින නවතම තාක්ෂණික ක්‍රමවේද සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට භාජනය විය. එහිදී ලොව සීඝ්‍රයෙන් වර්ධනය වන කෘතිම බුද්ධිය යොදාගෙන අධ්‍යාපනය වර්ධනය කිරීම සම්බන්ධයෙන් විශේසඥයින් විශාල වශයෙන් අදහස් දැක්වීම සිදු කළහ.

කෘතිම බුද්ධිය යොදාගෙන දරුවන්ට තමන්ට සිතැඟි පිරිදි කැමති භාෂාවක් අධ්‍යනය කිරීමට අවස්ථාව ලබාදීමට මෙහිදී සාකච්ඡා කෙරූ අතර එහිදී දැනටමත් කෘතිම බුද්ධි යොදාගෙන ඉන්දීය දරුවන්ගේ අධ්‍යාපන හැකියාවන් වර්ධනය කිරීම පිළිබඳවද අවධානය යොමුවිය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙහිදී ඇතැම් විශේසඥයින් පේනවා දෙනු ලැබුවේ කෘතිම බුද්ධිය යොදා ගැනීමට සැලකිලිමත් විය යුතු බවත් එය නිවැරිදිව යොදා ගැනීමට සියලුදෙනා වගබලාගත් යුතු බවත්ය.

Exit mobile version