ඉන්දියාවේ ආර්ථිකය ඉතාමත් ශක්තිමත් බව මුදල් අමාත්‍යවරිය පවසයි

Nirmala Sitharaman

The Union Minister for Finance and Corporate Affairs, Smt. Nirmala Sitharaman addressing a Press Conference, in New Delhi on June 28, 2021.

ඉන්දියාව එකතැන පල්වීම හෝ අවපාතයක් ඇති වීම ගැටළුවක් නොවන බව ඉන්දියාවේ ලෝක් සභාවේදී ඇති වූ මිල ඉහළ යෑම පිළිබඳ විවාදයේදී මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මයි පැවසුවාය. ඉන්දියාවේ ආර්ථිකය වඩාත් ශක්තිමත් බව ජීඑස්ටී හා පීඑම්යි වාර්තාවල සඳහන් බව ද අමාත්‍යවරිය මෙහිදී සඳහන් කළාය.

“කොවිඩ් වසංගත තත්වයෙන් පසුව ගෝලීය ආර්ථික අර්බුදයකට මුහුණ දෙද්දීත් අපේ ජනතාව ඒ අභියෝගවලට ඉතා හොඳින් මුහුණ දීම ගැන අපි ඔවුන්ව අගය කරන්නම ඕනේ.. කොහොම වුණත් අපි වෙනත් රටවල්වලට වඩා හොඳින් මේ ගැටළුවලට මුහුණ දුන්නා..” අමාත්‍යවරිය පැවසුවාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගෝලීය ආර්ථික කඩා වැටීමත් සමඟින් ඉන්දියාව ද පහතට වැටුණත් ඉතාම ඉක්මණින් වේගවත් වර්ධනයක් සහිත රට බවට පත් වෙන්නට හැකි වූ බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.


Exit mobile version