ඉතිහාසයේ බිහිසුණුම අණ පණත් සහිත හදිසි නීතිය ඊයේ සම්මත කළා -පුබුදු ජයගොඩ

පුබුදු ජයගොඩ...

ඊයේ (27) හදිසි නීතිය පාර්ලිමේන්තුවේ දී සම්මත කරගත්තේ  ශ්‍රී ලංකා ඉතිහාසයේ මර්දනකාරී ම රෙගුලාසි ඇතුළත් කරගෙන බව  පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.

1971 හෝ 1981 හෝ යුද්ධය කාලයේ දී පවා නො තිබුණු දරුණු රෙගුලාසි මීට ඇතුළු කර ඇති බව පවසන පුබුදු ජයගොඩ, වැඩ වර්ජනය කිරීමට ජනතාව සතු ව පැවති ව්‍යවස්ථාමය අයිතිය ද අහිමි කර ඇති බව කියයි.

එසේ වැඩ වර්ජනය කරන අය ව වසර තුනක සිර දඬුවමකට හා ඔවුන්ගේ දේපොළ රාජසන්තක කිරීමට ද මේ මඟින් හැකි බව පුබුදු ජයගොඩ සඳහන් කර යි.

මෙම පනත සම්මත කරගැනීම සඳහා ඡන්දය ලබා දුන් දේශපාලකයින්ගේ දේශපාලන ගමන අහෝසි කළ යුතු බවත්,   ඉදිරියට ඡන්දය ඉල්ලාගෙන ඔවුන්ට ජනතාව හමුවට යෑමට නො හැකි බවත්    ඔහු අවධාරණය කරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු මේ බව ප්‍රකාශ කළේ  ඊයේ කොළඹ දී පැවති පුවත්පත් සාකච්ඡාවකට  එක්වෙමිනි.

 

 

Exit mobile version