ඇමෙරිකාවේ 46 වැනි ජනාධිපති ජෝ බිඩෙන් දිවුරුම් දෙයි

කමලා හැරිස් පළමු ඇමෙරිකානු උප ජනපතිනිය වෙයි

ඇමෙරිකාවේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස ජෝ බිඩෙන් මීට ස්වල්ප වේලාවකට පෙර දිවුරුම් දුන්නේය. ඒ සමඟම ඇමෙරිකාවේ පළමු උප ජනාධිපතිවරිය ලෙස කමලා හැරිස් පත් වූවාය.

ඇමෙරිකාවේ අගවිනිසුරු ජස්ටින් රොබට්ස් ඉදිරියේ දිවුරුම් දුන් ජෝ බිඩෙන් සඳහන් කළේ ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තවමත් නොනැසී පවතින බවය. එසේම ජනාධිපතිවරයා ලෙස ජනතාව අමතමින් ඔහු සඳහන් කළේ යළිත් ඇමෙරිකාව නිවැරදි දිශාව කරා යොමු කොට ඇමෙරිකානුවන්ට යහපත් අනාගතයක් උදා කරන බවය. තමන්ට ඡන්දය දුන් සේම නොදුන් ඇමෙරිකානුවන්ටද තමන් නායකයා වන බවත් එකම අරමුණකින් රට වෙනුවෙන් ක්‍රියා කරන බවත් ඔහු එහිදී ප්‍රකාශ කළේය.

මෙම උත්සවයට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී නොවූ අතර ඔහු ධවල මන්දිරයට සමු දී ෆ්ලොරිඩාව බලා පිටත්ව ගිය බව සඳහන් වේ. එසේ වුවද හිටපු ජනාධිපතිවරුන් වන බැරක් ඔබාමා, බිල් ක්ලින්ටන් සහ ජොර්ජ් බුෂ් යන ජනාධිපතිවරුන් මෙම අවස්ථාවට සහභාගී වූහ.


ධවල මන්දිරයේදී දී ගෞරවාන්විතව සංවිධානය කර තිබූ මෙම දිවුරුම් දීමේ උත්සවයේදී ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් බිඩෙන් මෙවර ජනාධිපතිවරණයේදී ඩිමෝක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වී බලයේ සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා පරාජයට පත් කරමින් ජනාධිපති ධුරයට සුදුසුකම් ලැබීය.

2009 වසරේ සිට 2017 දක්වා බැරක් ඔබාමා ජනාධිපති ධුරය දරන සමයේ එරට උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ඔහු සක්‍රිය දේශපාලනට පිවිස ඇත්තේ 1973 වසරේදීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට 78 වියේ පසුවන ජෝ බිඩෙන් මහතා ගේ පත්වීම සී.එන්එන් මාධ්‍ය වාර්තා කළේ සියල්ල පරිභෝජනනය කරන මාධ්‍යවලට කෑදර, රටේ ගරුත්වය නැති වූ අඳුරු යුගයක් අදින් නිමවුණු බවය.

Exit mobile version