ඇමරිකන් ඩොලර් 20000ක් සඟවාගෙන ඩුබායි යන්න ගිය ව්‍යාපාරිකයෙක් රේගුව කොටු කරගනී….

කීර්ති ප්‍රනාන්දු –

නීති විරෝධී ලෙස  මුදල් තොගයක් රැගෙන ඩුබායි බලා යාමට  උත්සාහ කළ ව්‍යාපාරිකයෙකු කටුනායක ගුවන්තොටුපල රේගු නිලධාරීන් විසින් අද 23 අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු කොළඹ ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි  කොළඹ ප්‍රදේශයේම ව්‍යාපාරිකයෙකු බව රේගුව පවසයි.

ගුවන්තොටුපළ රේගුව පැවසුවේ මෙම මුදල් තොගය තුළ ඇමෙරිකානු ඩොලර්20,000ක්  සහ ශ්‍රී ලංකා මුදල් රුපියල් මිලියන දහයක් තිබූ බවයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම  ව්‍යාපාරික ගුවන් මං ගියා ඉතා සූක්ෂම ලෙස සිය ගමන් බෑගය තුළ මෙම මුදල් තොගය සඟවා තිබූ බවද රේගුව පවසයි.

Exit mobile version