ඇමති ධුරගෙන  පක්ෂ රැස්වීමට පැමිණි නිමල් – අමරවීර සභාවේ  කොන් වෙයි…

පක්ෂයේ අවසරයකින් තොරව ආණ්ඩුවේ ඇමති ධුර ලබාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කමිටු රැස්වීමට ඊයේ (26) පැමිණි නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර සිය සමාගමයෙන් කොන් කර දැමීමට පක්ෂ සාමාජිකයින් කටයුතු කිරීම නිසා ඔවුන් දැඩි අපහසුතාවයකට පත් වී  ඇතැයි ශ්‍රී.ල.නි.ප ආරංචි මාර්ග පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය පිළිබඳව අගමැතිවරයාගේ සාකච්ඡාවට පෙර  මෙම සාකච්ඡාව පවත්වා ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර ඇතුළු පක්ෂයේ ප්‍රධානීන්ගේ මූලිකත්වයෙනි.

වෙනදා ඔවුන් සමග සුහදව හා මිත්‍රශීලීව කතා කළ කිසිවෙක් ඊයේ  ඔවුන් දෙපළට  සිය මිත්‍රශීලීත්වය දක්වා නැත. ඔවුන් දෙදෙනා  කොන් කර තැබූ ආකාරයක් දක්නට ලැබුණු බව වාර්තා වේ. එහෙත් නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර ඇමති තනතුරු ලබා ගැනීම සම්බන්ධව මෙහිදී කිසිවක් කතා බහ කර නැත.


හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහභාගීත්වයෙන් පැවති මෙම රැස්වීමේ දී 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා සිය පක්ෂයෙන් ඉදිරිපත් කළ යෝජනා   නව සංශෝධනයට ඇතුළත් කර තිබේද යන්න දීරීඝ ලෙස නිරීක්ෂණය කර ඇත.

එහිදී එම සංශෝධන යෝජනා  ඊට ඇතුළත් කර ඇති බව තහවුරු වී ඇති බවත්,  ඒ අනුව 21 වැනි සංශෝධනය තහවුරු කරගැනීම සඳහා  ශ්‍රී.ල.නි.ප.යේ සහයෝගය ආණ්ඩුවට ලබා දීමට තීරණය කළ බවත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය  පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර 21 වැනි සංශෝධනයට අවසන් එකඟතාවයකට පැමිණිම සඳහා අද තීරණාත්මක සාකච්ඡාවක් පක්ෂ නායකයින් සහ අග්‍රාමාත්‍යවරයා අතර  පැවැත්වේ.

Exit mobile version