ඇමතිකම් වැඩි කරගන්න ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් හදන්න හදයි…

ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා මේ වනවිට ආණ්ඩුව අභ්‍යන්තරයේ සාකච්ඡා පැවැත්වෙමින් ඇති බව ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග ඔස්සේ ලංකාසරට වාරතා වේ.

ජාතික ආණ්ඩුව පිහිටුවීමේ මූලික අරමුණ වී ඇත්තේ දැනට පවතින ඇමති සංඛ්‍යාව තවත් වැඩි කරමින් ආණ්ඩුව සමග එක් වූ එක්වීමට නියමිත අයට තනතුරු ලබා දීම බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉදිරියේ දී සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරු කීප දෙනෙක් සමග බැසිල් රාජපක්ෂ ආණ්ඩුව සමග එක් වීමට නියමිතය. ආණ්ඩුව සමග එක්වන අය වෙනුවෙන් දෙනු ලබන ඇමතිධූර හා එම සංඛ්‍යාව ඉදිරි දින කීපය තුළ තීරණය කරනු ඇති බව ඉහත ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කළේය.


Exit mobile version