ඇමතිකම් ඉල්ලුවෙත් නෑ… දුන්නත් ගන්නෙත් නෑ… හිටපු ජනපති කියයි….

sirisena

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බැසිල් රාජපක්ෂ ආර්ථික සංවර්ධන ඇමතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසු ඉදිරි දින කිහිපය තුළ දිනකදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කැබිනට් ඇමති ධුරයක දිවුරුම් දෙන බවට වන වාර්තාව අසත්‍ය එකක් බව ඔහුගේ මාධ්‍ය අංශය නිවේදනය කරයි.

පොදුජන පෙරමුණු ආරංචි මාර්ග හෙළි කළේ හිටපු ජනාධිපතිවරයා පරිසර ඇමතිවරයා ලෙස දිවුරුම් දෙන බවත් ඔහු අමාත්‍ය ධූරයක් අපේක්ෂාවෙන් පසුවන බවත්ය.

එහෙත් හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, අමාත්‍ය ධුරයක් හෝ කිසිදු තනතුරක් තමා වෙත ලබා‌ දෙන ලෙස හිටපු ජනපතිවරයා ඉල්ලීමක් කර නොමැති බවය.

තමන් කිසිම තනතුරක් ලබා ගැනීමට බලාපොරොත්තුවක් නොමැති බවත් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ ය.

Exit mobile version