ආහාර නිෂ්පාදනවල අමුද්‍රව්‍යයක් ලෙස පාම් තෙල් ගෙන්වීමට බලපත්‍රයක්!

මෙරට නිපදවන තෙල්වලට වෙළෙඳපොළේ අවසරය

පාම් ඔයිල් ආනයනය තහනම් කළද රට තුළ සිදුවන පාම් ඔයිල් නියම ප්‍රමිතීන් අනුව මෙරට වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමේ කිසිදු බාධකයක් නොමැති බවත් බේකරි සහ බිස්කට් ඇතුළු අමුද්‍රව්‍ය ලෙස පාම් ඔයිල් ආනයනය කිරීමේදී බලපත්‍රයක් ලබාගෙන ඒ අනුව ආනයනයට අවසර දෙන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනාධිපතිවරයා විසින් පාම් ඔයිල් තහනම් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී නැගුණු ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දෙමින් අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පාම් ඔයිල් ආනයන තහනම එකවරම ක්‍රියාත්මක කිරීම අපහසු බව තෙරුම් ගෙන ඇති බවත් ඇතැම් බිස්කට් නිෂ්පාදකයන් මෙරටට පමණක් නොව විදේශීය වෙළෙඳපොලටද නිෂ්පාදන ඉදිරිපත් කරන බැවින් එම ආහාර නිෂ්පාදකයන්ට අමුද්‍රව්‍යයක් ලෙස පාම් තෙල් සහ ඒ ආශ්‍රිතව කරනු ලබන නිෂ්පාදන ගෙන්වීමට අදාළ අනුමැතිය බලපත්‍ර ක්‍රමයක් යටතේ ලබා දෙන බව සඳහන් කළේය.

Exit mobile version