ආයෝජකයෙකුට බදු දෙන්නට රජය තීන්දු කළ බංගදෙණිය උළු කම්හල ටෙන්ඩර් කැඳවා විකුණා දමලා…

ලලිත් චාමින්ද 

බංගදෙණිය උළුකම්හල  පුද්ගලික ආයෝජකයෙකුට බදු දිමට  රජය ප්‍රතිපත්තිමය තිරණයක් ගෙන තිබිය දී ඒ අනුව ක්‍රියා නොකර  කම්හල ගොඩනැගිලි හා වෙනත් උපකරණ (ඉඩම හැර) ටෙන්ඩර කැඳවා විකුණා දමා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් කරණු ලැබු විගණනයකදි අනාවරණය වි ඇත.

2010 වර්ෂයේ  අගොස්තුමස 17 වැනිදින උළු කම්හලේ ගොඩනැගිලි කඩා ඉවත් කිරීම සඳහා  ප්‍රසිද්ධ ටෙන්ඩර් කැඳවා රුපියල් 30,100,000  මුදලකට පළමු ඉල්ලුම්කරුට ටෙන්ඩරය ප්‍රදානය කිරීමට නිර්දේශක කොට තිබු බව විගණන වාර්තාවේ  සඳහන් වේ.

ඒ පිළිබද වැඩිදුර පරික්ෂා කිරීම සඳහා    ලිඛිත සාක්ෂි  විගණනයට ඉදිරිපත් නොකරන ලද බව විගණන වාර්තාවේ සඳහන් වේ. 2010 ඔක්තෝබර් මස  20වැනි දින සහ අංක  10/2423/425/004-1 දරන අමාත්‍ය මණ්ඩල තීරණය අනුව  මෙකී කම්හල පුද්ගලික ආයෝජකයෙකුට  බදු දිමට රජය ප්‍රතිපත්තිමය තීරණය ගෙන තිබුණි. 


එසේ තිබියදී බංගදෙණිය උළු කම්හලේ ගොඩනැගිලි කඩා ඉවත් කිරීම සඳහා  ප්‍රසිද්ධ ටෙන්ඩර් කැඳවා රුපියල් 30,100,000  මුදලකට පළමු ඉල්ලුම්කරුට ටෙන්ඩරය ප්‍රදානය කිරීමට නිර්දේශ  කොට ඇත.  එම නිර්දේශ කිරීමට අදාලව ටෙන්ඩරය ප්‍රදානය කළ බවට සහ එම මුදල් අයකරගැනීමට අදාල ලිපිගොණු  සහ ලිඛිත සාක්ෂි කිසිවක්  විගණනයට ඉදිරිපත් කොට නොතිබු බව ද එම විගණන වාර්තාවේ දක්වා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම තත්වය නිසා  ගොඩනැගිලි කඩා ඉවත් කිරීම මුදල් අයවීම  පිළිබඳ කිසිදු තොරතුරක්  විගණනයට පරික්ෂාකිරීමට සහ  තහවුරු කරගැනීමට නොහැකි වි ඇත. ක්ෂේත්‍ර විගණන පරික්ෂාවේ දී  ගොඩනැගිලි කඩා ඉවත්කොට තිබු අතර   භුමිය පමණක් පවතින බව නිරික්ෂණය වු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

 

Exit mobile version