ආදාහනයට විරෝධය පා පියාගේ කොවිඩ් මල සිරුර රෝහලේ දමා පුතා පිටව යයි…

 

ලලිත් චාමින්ද

කොවිඩ් ආසාදිතව මිය ගිය පුද්ගලයෙකුගේ අවසන් කටයුතු රජයේ නිරෝධායන ක්‍රමවේදයන්ට අනුව ගාල්ල දඩැල්ල ආදාහනාගාරයේ සිදු කරන ලෙස කාරපිටිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂකවරයා විසින් ලබා දුන් තීන්දුවට විරෝධය පා භූමදානය කිරීමට ඉඩ නොදෙන්නේ නම් මරණය බාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් ඔහුගේ පුතා රෝහලින් පිටව ගොස් තිබේ.

වාර්තාවන අයුරින් සම්පූර්ණ කතාව මෙසේය.


සක්‍රිය කොවිඩ් 19 ආසාදනය සහිත රෝගියකුට ඇතිවු හෘද රෝගි තත්වයක් හේතුවෙන් මියගිය  තිදරු පියගේ මරණය  නිරෝධායන නිතියටතේ රජයේ නියමයන්ට අනුකුලව ගාල්ල දඩැල්ල ආදාහනාගාරයේ  අදාහනය කරන ලෙස  ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණ පරික්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා   නියෝග කළේය.

මියගිය තිදරුපියගේ හදිසිමරණ පරික්ෂණය  පෙරේදා (20) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවැත්විණි..

 මරණය භුමදානය කිරිම සදහා අවසර ලබාදෙනවානම් එය භාරගන්නා බවත් එසේ නොමැතිව ආදාහනාගාරය කිරිමට දෙනවානම්  මරණය භාර නොගන්නා බව ප්‍රකාශකරමින් මියගිය  අයගේ පුතෙකු ප්‍රකාශකොට හදිසි මරණ පරික්ෂක කාර්යාලයෙන් පිටව ගිය බවද හදිසි මරණ පරික්ෂකවරයා සදහන් කළේය.

මෙකී පුද්ගලයා මිය යාමෙන් පසු කරනු ලැබු පි.සි.ආර් පරික්ෂණයේ දි ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද හදිසි මරණ පරික්ෂකවරයා පවසයි. විශේෂඥ අධිකරණ වෛද්‍ය වාර්තා සහ පි.සි ආර් පරික්ෂණ වාර්තා සැලකිල්ලට ගෙන තමන් මෙම තින්දුව ලබාදුන් බවද  හදිසිමරණ පරික්ෂකවරයා සදහන් කළේය.

මියගොස් ඇත්තේ ෂෙක් අබ්දුල්කාදර් මොහොමඩ් සනුසි  (84) නැමති නො 26 / 01 දේදදුගොඩ පටුගම හිරිඹුර හරස්පාර ලිපිනයේ පදිංචිකරුවෙකි. මියගිය පුද්ගලයාගේ පුතෙකුවන මොහොමඩ් හනුසි  මොහහොමඩ්යයිල්  (53) නැමැත්තා  හදිසි මරණ පරික්ෂණයේ දි සාක්ෂි දෙමින් මෙසේ කිවේය.

“මියගොස් ඇත්තේ මගේ පියාය. තාත්තා පදිංචිවෙලා හිටියේ දේද්දුගොඩ තාත්තා නංගිත්, මස්සිනාත් මස්සිනාගේ දරුවන් තිදෙනාත්, මස්සිනාගේ දුව බැදපු මහත්තයාත්  එයාගේ දරු දෙදෙනාත් තමය දේද්දුගොඩ පදිංචිවෙලා හිටියේ. බෑනටත් දරු දෙදෙනාටත් නැතිව 05 දෙනෙකුට කොවිඩ් ආසාදනය වුනා. තාත්තාත්  මල්ලිත් මල්ලිගේ පුතාත්  කරන්දෙණිය රෝහලට ඇතුළත් කළා. අනික් අය කුඹුරුගමුවේ හා හම්බන්තොට රෝහල්වල නතරවෙලා ප්‍රථිකාරගත්තා. 

තාත්තා මල්ලිත් පුතාත් කොවිඩ්වලට ප්‍රථිකාර  අරගෙන නිවසට පැමිණ දින තුනක් වෙනවා. නිරෝධායනය වෙමින් හිටියේ. මම පදිංචිවෙලා හිටියේ තාත්තලා පදිංචිවෙලා හිටිය ප්‍රදේශයට වඩා කිලෝමිටරයක් ඇතින්.  අපි කවුරුවත් තාත්තාලා පදිංචිව සිට නිවසට ගියේ ආවේ නැහැ. තාත්තා අරගෙන තිබුණේ දියර ආහාර පමණයි. ටිකක් අමාරු තත්වයෙන් තමයි ඉදලා තියෙන්නේ. පපුවේ අමාරුව දියවැඩියාව රුධිරපිඩනය යන රෝග තාත්තාට තිබුනා. තාත්තා  නිවසේදි මියගියා. 

පියාගේ මරණය කරාපිටිය රෝහලට රැගෙන ආවා. පරික්ෂණ සඳහා කොටස් වගයක් ගන්න බව වෛද්‍යවරු අපිට කිවා. පියාගේ මරණය ගැන අපිට සැකයක් නැහැ.  අවසාන වශයෙන් මට කීමට ඇත්තේ  පියාගේ මරණය භුමදානය කිරිම සඳහා අවසර ලබාදෙනවානම් එය භාරගන්නවා. එසේ නොමැතිව ආදාහනාගාරය කිරීමට දෙනවානම් අපි එය භාර ගන්නෙ නෑ.. “ හෙතෙම පැවසිය..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පශ්චාත් මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර   විසින් කරනු ලැබිය සාක්ෂි මෙහෙයවිම  ගාල්ල පොලිසියේ පො සැ 969 පියරත්න  විසින්   සිදුකරනු  ලැබිය.

 

  

 

Exit mobile version