ආණ්ඩුවට සහාය දුන්නා නම් බදියුදීන්ට මේ ප්‍රශ්න නෑ… අනුශාසක මවුලවිවරු විරෝධය අරඹති …

දිනසේන රතුගමගේ –

රිෂාර්ඩ් බදුයුදීන් මන්ත්‍රීවරයාට වරින් වර විවිධ චෝදනා එල්ල කරනු ලබන්නේ දේශපාලනික පලිගැනීමක් වශයෙන් බව සමස්ත ලංකා මහජන කොංග්‍රස් පක්ෂයේ අනුශාසක සංගමයේ මෞලවිවරු 16 දා වවුනියාවේදි පැවසූහ.

වවුනියාවේ පෞද්ගලික හෝටලයකදී මාධ්‍ය හමුවක් සංවිධානය කළ එම පක්ෂයේ අනුශාසක මෞලවිවරුන්ගෙන් නාජිත් මෞලවිවරයා කියා සිටියේ රිෂාර්ඩ් බදුයුදීන් හා ඔහුගේ සහෝදරයා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට මුලින්ම චෝදනා එල්ල කළ බවයි.

නමුත් එම චෝදනා වලින් ඔවුන් නිදහස් වූ පසුව මැතිවරණ සමයේදී ඡන්ද දායකයින් ප්‍රවාහනය කිරීමට රජයේ මුදල් වැය කළ බවට චෝදනාවක් ගොණු කොට ඔහුව මේ අවස්ථාවේදී අත් අඩංගුවට ගැනීමට සූදානමක් ඇති බව කී මෞලවිවරු මේ තත්ත්වය දැඩි අසාධාරණයක් බවද  කියා සිටියහ.


එම ක්‍රියාව වැරදි ක්‍රියාවක් නම් වත්මන් රජය බලයට පත් වීමට පෙර මැතිවරණ කොමසාරිස් කාර්යාලයට ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට අවශ්‍ය තරම් ඉඩකඩ තිබූ බවත් ඔවුන් එසේ නොකොට තිබියදී වත්මන් රජයේ වුවමනාවට අභූත චෝදනා ගොණු කරණ බවටත් මෞලවිවරු කියා සිටියහ.

2001 වසරේ සිට රිෂාර්ඩ් බදුයුදීන්   උතුරේ මුස්ලිම් ජනතාවට පමණක් නොව සිංහල දෙමළ ජනතාවටද විශාල සේවයක් කළ බව කී මෞලවිවරු මේ සේවය නුරුස්සන පිරිස් ඔහුගේ දේශපාලන ගමන වළක්වාලීමට මෙවැනි විවිධ චෝදනා ඉදිරිපත් කිරීම දැඩි අසාධාරණයක් බවද පැවසූහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ රජය රිෂාර්ඩ් බදුයුදීන්ට වරින්වර මෙසේ චෝදනා ඉදිරිපත් කිරීම තරයේම තම පක්ෂය හෙළා දකින බව සඳහන් කළ මෞලවිවරු ඔහු පසුගිය මහ මැතිවරණ සමයේ සිට වත්මන් රජයට සහය දැක්වූයේ නම් ඔහුට එරෙහිව මෙවැනි චෝදනා එල්ල නොවන බවද  මෞලවිවරු වවුනියාවේ පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියහ.

 

Exit mobile version