අසුන අහිමිවන්නේ මාස 06කින්… රන්ජන්ට පාර්ලිමේන්තු එන්න දෙන්න

ලක්ෂ්මන් කිරිඇල්ල කතානායකවරයාගෙන් ඉල්ලයි... පාර්ලිමේන්තුවේ හෙට කතා කරන්නත් වෙලාවක් වෙන් කරන්..

බරපතල වැඩ සහිත වසර හතරක සිරදඬුමක් නියමවූ රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු අසුන අහිමි වන්නේ තවත් මාස හයක කාලයකින් පසු නිසා ඔහුට පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි වීමට අවස්ථාව ලබා දෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල  කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු අසුන අහිමි වනුයේ ඉදිරි මාස 06න් පසුව බව මැතිවරණ කොමසාරිස් වරයාද ප්‍රකාශ කර තිබෙන බැවින් ඔහු පාර්ලිමේන්තුවට කැඳවිය හැකි බව ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

ප්‍රේමලාල් ජයසේකර   අභියාචනාධිකරණය ඉදිරියේ අයදුම්පතක් ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුගේ පාර්ලිමේන්තු ආසනය පිළිබඳ අභියාචනාධිකරණ මතය වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවට පැමිණීමට ඉඩ ලබා දෙනවාද නැද්ද යන්න පිළිබදව කථානායකවරයා විසින්ම තීරණයක් ගත යුතුය යන්න බවද ඔහු කීය.


ඒ අනුව රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාටද ඉදිරි මාස 06ක් සඳහා තම පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනය හිමි බැවින් ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවස්ථාව ලබා දුන් ආකාරයෙන් රන්ජන් රාමනායකටද පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගී වීමට අවස්ථාව ලබා දෙන ලෙස තමන්  කථානායකවරයාගෙන් ඉල්ලා සිටි බවද හෙතෙම පැවසුවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්ධයෙන් හෙට (19) පෙරවරුවේ පාර්ලිමේන්තුව ඉදිරියේ කරුණු දැක්වීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීමක් කළ බවද කථානායකවරයා ඊට එකඟ වූ බවද හෙතෙම ප්‍රකාශ කළේය.

Exit mobile version