අවුරුදු 27ක පාර්ලිමේන්තු ජීවිතයේ මේ වගේ අශිෂ්ට මන්ත්‍රීවරු පිරිසක් මා දැක නෑ… මහින්ද අමරවීර.

වසර 1994 දී තමා පාර්ලිමේන්තුව නියෝජනය කලත් මේසේ අශෝභන ලෙස හැසිරෙන  මන්ත්‍රීවරුන් සිටින පාර්ලිමේන්තුවක් තමා දැක නොතිබූ බව පරිසර ඇමති මහින්ද අමරවීර සදහන් කරයි.

කාන්තාවන් නිසි ගෞරවයක් නොදක්වා අශෝභන ලෙස හැසිරෙන ඇතැම්  මන්ත්‍රීවරුන් නිසා පාර්ලිමේන්තුවේ  225 දෙනා  රටේ ජනතාවගේ ‌චෝදනාවන්ට ලක්වීම වැළැක්විය නොහැකි යැයි ඇමතිවරයා අවධාරණය කරයි.

කාන්තාවන්ට අගෞරව කිරීමට පාර්ලිමේන්තුව වැනි උත්තරීතර ස්ථානයක් යොදා ගැනීම ඉතාමත් වැරදි ක්‍රියාවක් බවත් මෙය රටේ සමස්ථ ජනතාව පමණක් නොව ජාත්‍යන්තරව අපව අපකීර්තියට පත්වෙන කාරණාවක් බවට පත්ව ඇතැයි ද ඇමතිවරයා සදහන් කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙවැනි මන්ත්‍රීවරුන් කථානායකවරයාට පවා අවනත නොමැති බැවින් ඔවුන් සම්බන්ධයෙන් අදාල පක්ෂ  විසින් සලකා බැලිය යුතු යැයි ද පරිසර ඇමතිවරයා අවදාරණ කළේය.

Exit mobile version