අර්බුදය තේරුම් ගෙන සේවකයින් නිවසේ සිට සේවයේ යොදවන්න… කම්කරු ලේකම් පුද්ගලික අංශයෙන් ඉල්ලයි…

මේ  මොහොත වනවිට රට තුළ උද්ගතව ඇති ඉන්ධන අර්බුදය හමුවේ නිවසේ සිට වැඩ කිරීම සඳහා ප්‍රමුඛත්වයක් ලබා දෙන්නැයි කම්කරු අමාත්‍යාංශයේ ලේකම්  ඒ.ජේ. විමලවීර මෙරට පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින්ගෙන් ඉල්ලීමක් කර ඇත.

රටේ පවතින වර්තමාන අර්බුදය සැලකිල්ලට ගෙන එම තත්ත්වය සමනය වනතෙක් රජයට අවශ්‍ය සහය ලබා දෙන ලෙස ‍පෞද්ගලික අංශයෙන්  ඉල්ලා සිටින බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සුදුසු වැඩපිළිවෙළක් සම්පාදනය කර ආයතනික කටයුතු සඳහා බාධාවක් ඇති නොවන ආකාරයෙන්  නිවසේ සිට සේවය ලබා ගැනීමට උත්සුක වන ලෙස ලේකම්වරයා වැඩිදුරටත් පුද්ගලික අංශයෙන් ඉල්ලා සිටී.

Exit mobile version