අරගල කරුවන් අත්පත් කරගත් ජනපති මැදුර සහ ලේකම් කාර්යාලයේ රහසිගත ප්‍රදේශත් අනාවරණය වෙලා…. ආරක්ෂාවට තර්ජනයක් යැයි කියා රජ මැදුරු පාර්ලිමේන්තුව අසලට…

බියපත් රජුන් බංකොලොත් රටකට ජනතා මුදල් වැය කරමින් ගෙනෙන බිලියන ගණනක වැය බරක් සහිත ව්‍යාපෘතියක්....

කොළඹ අග නගරයේ පෞරාණික මෙන්ම ඓතිහාසික ගොඩනැගිලි දෙකක පවත්වාගෙන ගිය ජනාධිපති මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය  කෝට්ටේ ශ්‍රි ජයවර්ධනපුර පරිශ්‍රය ආසන්නයට රැගෙන යෑමේ සැලසුමක් පිළිබඳව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් ලංකාදීප වාර්තා කරයි.

මේ සැලසුමට ප්‍රධාන හේතුව ලෙස සැලකෙන්නේ ජනතා අරගලය වකවානුවේ මෙම මන්දිරවල සියලුම වැදගත් මෙන්ම රහසිගත ස්ථාන ඡායාරූප සහ වීඩියෝ ලෙස අන්තර්ජාලය හරහා මුදා හැර තිබීම හේතුවෙන් ඇති වි ඇතැතිය කියන ආරක්ෂක තර්ජනයක් පිළිබඳව අගයීමක් බව ප්‍රකාශ වේ.

ජනාධිපති මන්දිරය ජනතා අරගලකරුවන් අතට පත් වූ අවස්ථාව….

ඒ අනුව  රුපියල් කෝටි ගණනින් වියදම් කර 2021 වසරේ ජනතා මුදලින් සඳුන් ගස් 1000ක් රෝපණය කළ මාදිවෙල සඳුන් උයන පිහිටි අක්කර 09ක භූමි භාගයේ ජනාධිපති කාර්යාලය පිහිටුවීමටත්, මාදිවෙල කුරුළු උයන ඉදිකිරීමට යෝජිත භූමියේ ජනාධිපති මන්දිරය ඉදිකිරීමටත්  අවධානය යොමු වී ඇතැයි ද පැවසේ.

තලංගම  පිහිටි ජාතික සඳුන් උයන භූමිය පහළවෙළ ග්‍රාම සේවා වසමට අයත් වන අතර මිරිහාන ප්‍රදේශයට අයත් කුරුලු උයන ඉදිකිරීමට යෝජිත භූමිය මිරිහාන උතුර, මාදිවෙල, ප්‍රගතිපුර, හා උඩහමුල්ල ග්‍රාම සේවා වසම්වලට අයත්ය.


රජ මැදුරු වෙනුවෙන් සිදුවන නව ව්‍යාපෘති දෙක වෙනුවෙන් රුපියල් බිලියන ගණනක මුදලක් වියදම් කිරීමට සිදුවනු ඇතැයි වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකාදීප –

 

 

 

 

 

 

 

Exit mobile version