අයි.සී.සි. තහනම දින කීපයකින් ඉවත් වේවි… හරීන් විශ්වාසයෙන් කියයි!

Harin

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සි  (අයිසීසී) ශ්‍රී ලංකාවට  පනවා ඇති තහනම ඉදිරි දින කිහිපය තුළ ඉවත් කරනු ඇතැයි   ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විශ්වාසය පළ කළේය.

වත්තල ප්‍රදේශයේ  දී මාධ්‍යවේදීන් අමතමින්, අමාත්‍යවරයා කියා සිටියේ තහනම ඉවත්වනු ඇති බවට සහතිකයක් දෙන බවත්  ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කැලඹිලි සහිත කාල පරිච්ඡේදයකින් පසු ක්‍රීඩා පරිපාලනයට රජයේ මැදිහත්වීම් හේතුවෙන් 2023 නොවැම්බර් මාසයේදී ICC විසින් ලංකාවේ සාමාජිකත්වය අත්හිටවනු ලැබූ බවත්ය.

මේ මස මුලදී ශ්‍රී ලංකාවට පැමිණි ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලර්ඩිස් ඇතුළු ICC නිලධාරීන් සමඟ සාකච්ඡාවෙන් පසු මෙම තීන්දුව ගෙන ඇති බවට ඇමතිවරයාගේ ප්‍රකාශයෙන් ඇඟවී ඇත. අමාත්‍යවරයාට අනුව, ICC සමඟ සාකච්ඡා “ඵලදායක” වූ අතර, නියෝජිත පිරිස ගැටලු විසඳීමේ ප්‍රගතිය පිළිබඳව සෑහීමකට පත් වූ බව පෙනී ගොස් තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම තහනම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ආර්ථික වශයෙන් සැලකිය යුතු පහරක් එල්ල කර ඇති අතර ශ්‍රී ලංකාවට වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලානය සහ වාර්ෂික ICC සමුළුවේ සත්කාරකත්වය අහිමි වූයේය.


Exit mobile version