අයිස් සමග හසුවූ “එක්සයිස්“ නිලධාරියා තවදුරටත් පොලිස් රැඳවුමේ

අයිස් මත්ද්‍රව්‍ය සමග පුත්තලමේදී අත්අඩංගුවට ගත් සුරාබදු නියාමකවරයා දින තුනක් රදවාගෙන වමර්ශණය කිරීමට පොලිසිය කළ ඉල්ලීමට පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයෙන් පොලීසියට රැදවුම් නියෝගයක් පෙරේදා (23) ලද බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

මත්කුඩු ජාවාරමකට සම්බන්ධ බව කියන එම සුරාබදු නියාමකවරයාව පෙරේදා (23) අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම කොට්ඨාශ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසිනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු සන්තකයේ තිබී අයිස් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 125 ක් ද සොයා ගත් බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.


Exit mobile version