අමු මාලු කන්න හොඳ නෑ… අජීර්ණය හැදෙනවා… වෛද්‍ය පාදෙණිය කියයි…

නතාෂා නෙත්මිණී                                        

අමුවෙන් මාළු අනුභව කිරීමෙන් ආහාර ජීර්ණ පද්ධතියේ නොයෙකුත් පරපෝෂිතයින් සහ පණු වර්ගයන් වර්ධනය වී නොයෙකුත් රෝග තත්ත්වයන් ඇතිකළ හැකි බව ළමා ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා සදහන් කරයි.

තවද මාලුන්ගේ සමෙහි සහ අභන්තර කොටස්වල සැල්මොනිල්ලා, ඩිප්තීරියා, ඊකෝලයි වැනි බැක්ටීරියාවන් පැවති ය හැකි වන අතර ඒවා ශරීර ගත වුවහොත් ආහාර මාර්ගයේ විවිධ ආසාදන ඇතිකිරීමට හේතුවක් වෙන බවද විශේෂඥවරයා පෙන්වාදේ.

එසේම දරුවන් මේ වන විට වැරදි ආහාර රටාවකට පුරුදු වී ඇති බැවින් ඔවුන්ව ඉන් මුදවා ගැනීම සදහා මේ වන විට විශේෂ වැඩසටහන් ගණනාවක්ම ආරම්භ කර ඇති මොහොතක ආහාර පිළිබද වැරදි පුරුදු මාධ්‍ය මගින් ප්‍රචාරය නොකරන්නැයිද ඔහු ඉල්ලීමක් කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ නමුත් මේ ගෙවන්නේ දරුවන්ගේ අවාසනාවන්තම කාලයක් යැයි පෝල් සීමන් නැමැති  මහාචාර්යවරයා සදහන් කර ඇති බවත්  දරුවන්ගේ ආයු කාලය අපගේ ආයු කාලයට වඩා අඩු බවත් ඊට හේතු වී ඇත්තේ වැරදි ආහාර පුරුදු යැයි මහාචාර්ය වරයා  වැඩිදුරටත් පෙන්වා දී ඇතැයි වෛද්‍ය පාදෙනිය මහතා සදහන් කරයි.

 

Exit mobile version