අබිරහස් ලෙස මිය ගිය ටීඑන්ඒ මන්ත්‍රීගේ සිරුර පාලු නිවසක!

දිනසේන රතුගමගේ –

යාපනය වලිකාමම් දකුණ ප්‍රාදේශීය සභාවේ  දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරණ මන්ත්‍රීවරයෙකු වන සුබ්‍රමනියම් ශිවපාලන්  අබිරහස් ලෙස පාලු නිවසක මියගොස් සිටියදී  ඔහුගේ මළ සිරුර ඊයේ ( 1 )  හමු වී තිබේ.

හතළිස් නව හැවිරිදි  මන්ත්‍රීවරයා මියගොස් සිටි නිවස දෙසින් කුණු ගදක් හමන්නට වූ නිසා ගම්වාසීන් කීප දෙනෙකු එහි ගොස් විපරම් කොට බැලීමේදී මළසිරුර හමු  වී තිබේ.  

එම මළසිරුර හමු වී ඇත්තේ යාපනයේ තනන්කිලප්පු ගම්මානයේ නිවසකින්වන අතර ගම්වැසියන් කළ දැණුම් දීමට අනුව චාවාකච්චේරී පොලීසියේ නිලධාරීන් පැමිණ මළ සිරුර පරීක්ෂණ කටයුතු සදහා චාවාකච්චේරී රෝහල වෙත රැගෙන ගොස් තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා මියගොස් ඇති ආකාරය  හෝ මියයාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version