අනියත බියක් එපා… කොවිඩ් මරණ වාර්තා වන්නේ ජනතාවගෙන් මිලියනයකට දෙකයි…

ශ්‍රි ලංකා වෛද්‍ය සංගමයේ විශේෂඥ ස්නායු රෝග වෛද්‍ය පද්මා ගුණරත්න කියයි...

නතාෂා නෙත්මිණි –                                              

ශ්‍රි ලංකාව තුළ කොවිඩ් වෛරසය ආසාදිත වූවන්ගෙන් රෝහල් ගත කිරීමට සිදුවන්නේ සියයට 15ක ප්‍රතිශතයක් බවත් ඉන් දැඩිසත්කාර ඒකකවලට ඇතුළු කිරිමට සිදුවන්නේ සියයට 5ක ප්‍රතිශතයක් බවත් ශ්‍රි ලංකා වෛද්‍ය සංගමයේ විශේෂඥ ස්නායු රෝග වෛද්‍ය පද්මා ගුණරත්න සඳහන් කරයි.

කොවිඩ් වෛරසය ආසාදිත වූවන්ගෙන් මරණයට පත්වෙන් සියයට .28 ප්‍රතිශතයක් යැයිද ඇය පෙන්වාදේ.  වෛරසය ආසාදිත වූවන්ගෙන් සියය 85ක් පමණම කිසිදු  අනතුරක් නොමැතිවම සුවය ලබන බව ද ඇය පවසයි.

මේ අනුව ජනගහනයෙන් මිලියනයටක කොරෝනා මරණ වාර්තාව වන්නේ 2ක් පමණක් බැවින් යම් අසනීප තත්ත්වයකදී රෝහල් ගත වීමට  අනියත බියක් ඇති කර නොගන්නැයි ද විශේෂඥවරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රෝග ව්‍යාප්තිය අවම කර ගැනීම සඳහා ප්‍රජාවගෙන් ලැබෙන සහය ඉතා අල්ප බැවින් අවශ්‍ය සහය නොඅඩුව ලබා දෙන්නේ නම් රෝග ආසාදිතයින්ගේ සංඛ්‍යාව බොහෝ දුරට අවම කර ගැනීමට හැකිවන බවද ඇය පෙන්වාදේ.

Exit mobile version