අනාරක්ෂිත වගා ළිඳකට වන අලි දෙදෙනෙක් වැටෙයි…

දිනසේන රතුගමගේ –

මුලතිව් සෙම්මාලෙයි පුලියමුනෙයි ප්‍රදේශයේ  අනාරක්ෂිත වගා ළිඳකට ඊයේ (30) රාත්‍රියේ විශාල වන අලි දෙදෙනෙකු වැටී ඇති බව ගම්වාසීන්  විසින් මුලතිව් වන ජීවි කාර්යාලයට දැණුම් දී තිබේ.

ගොවීන්ගේ වගාවක් විනාශ කොට ආපසු යමින් සිටි වන අලි රංචුවකින් දෙදෙනෙකු මෙම අනාරක්ෂිත ළිඳට වැටී ඇති බව පුලියමුනෙයි ප්‍රදේශයේ වැසියෝ පැවසූහ. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වනජීවී නිලධාරීන් මෙම වන අලි දෙදෙනා ළිදෙන් ගොඩ ගැනීම සඳහා කටයුතු කරණ බව පැවසූ අතර මෙම ළිදටම මීට මාස තුනකට ඉහතදී වන අලියෙකු වැටී සිට දින දෙකකට පසුව වන ජීවී නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව ගොඩ ගෙන තිබේ.


Exit mobile version