අනාගතයේ එන්නත් මාත්‍රා තුනක් දෙන්න වේවි… එන්නත් රට තුළ හදන්න බැරිවුනොත් ගැටලු රැසක්…

සෞඛ්‍ය අමත්‍යාංශ ආරංචි මාර්ග හෙළි කරයි...

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් මර්දන එන්නත් මෙරට නිෂ්පාදනය නොකළහොත් විශාල පිරිසක් මිය යන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කළේය.

කොවිඩ් රෝගයෙන් බේරීමට නම් ඇතැම් විට එන්නත මාත්‍රා තුනක් පමණ දීමේ අවශ්‍යතාව ඉදිරියේදී ඇතිවිය හැකි බවත් එවන් තත්ත්වයක් තුළ කොවිඩ් මර්දන එන්නත මෙරට නිපදවීම අනිවාර්යයෙන්ම කළ හැකි වුවහොත් මාත්‍රා තුනම ජනතාවට ලබාදී රෝගයෙන් ආරක්ෂා කර ගැනීමට හැකි වනු ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.

ලෝකය පුරා වයිරසය පැතිර යන අවස්ථාවකදි එන්නත් සදහා ඉහළ ඉල්ලුමක් පැවතීම තුල ලංකාවට එන්නත් ලැබෙන ප්‍රමාණය ඉතා සීමිත වන බැවින් ජනතාව වසංගතයෙන් බේරාගැනීම අසීරු වන බවද ඔහු පෙන්වාදේ.

කෙසේ නමුත් මෙරට එන්නත නිෂ්පාදනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබුණද ඇතැම් පුද්ගලයින්ගෙන් දැඩි බලපෑම් හා කකුලෙන් ඇදීම් දිගින් දිගටම සිදුවීම වැලැක්විය නොහැකි බැවින් එන්නත නිෂ්පාදනය ට මෙය ගැටලුවක් වනු ඇතැයිද එම ප්‍රකාශකයා සදහන් කළේය.

Exit mobile version