අනතුරට මුල් වූ ටිපර් රථ රියදුරා අත්අඩංගුවට… 13 කණුව කළු ගල ඉවත් කෙරේ…

මාස 06ක් තිස්සේ අපි  කියන දේ ඇහුව නම් මේ අනතුර වෙන්නෙ නෑ...   පස්සර මිනිස්සු කියති

බස් රථය අනතුරට ලක්වීමට මොහොතකට පෙර.... වම්පස ඇත්තේ කඩා වැටුණු ගලයි. ඒ ගල හේතුවෙන් මාර්ගය පටු වී ඇති අයුරු...

මාරක බස් රථ අනතුර සිදුවූ ස්ථානයේ මහා මාර්ගයට ඇද වැටී තිබූ කළුගල වහාම ඉවත් කිරීම සඳහා කටයුතු කරන බව මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලියු.ආර්. ප්‍රේමසිරි මාධ්‍යයට පැවසුවේය.

අනතුර සිදු වූ පස්සර 13 කණුව ප්‍රදේශයට පෙරලි ඇත්තේ මීට මාස 06කට පමණ පෙර බව ඊයේ (20) ලංකාසර කළ විමසුමකදී ප්‍රදේශවාසීහු පැවසූහ. මේ ස්ථානයේ තනි මංතීරුව හා එක් පසෙකින් වූ දැවැන්ත ප්‍රපාතය නිසා අනතුරක් සිදුවිය හැකි බවට බොහෝ දෙනෙක් අනාවැකි පලකර තිබිනැයි ඔවුහු පැවසූහ. සිදුවූ මහා විනාශයෙන් පසුව හෝ මා  පාරට වැටුණු දැවැන්ත කළු ගල් කුට්ටිය ඉවත් කිරීමට කටයුතු කරන්නේ නම් යහපතක් බව ඔවුහු පෙන්වා දුන්හ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බස්රථය ඉදිරියට එන වග දකිමින් ප්‍රතිවරුද්ධ පසින් පැමිණ   බස්රථය පැමිණෙන මං තීරුවට ඇතුළු වූ ටිපර් රථ රියදුරා   ඊයේ රාත්‍රිෙය් දී  අත්අඩංගුවට ගත් බව පස්සර පොලිසිය කීවේය.


Exit mobile version