අනතුරක් සිදු කළ  රියදුරා බීමතින්දැයි තහවුරු කරගන්න රියදුරු   අධිකරණ වෛද්‍ය නිලධාරියාට ඉදිරිපත් කර ඇත්තේ බීමත් පොලිස් නිලධාරීන් දෙදෙනෙක්!

dc

දිනසේන රතුගමගේ –

යාපනයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු බීමත්ව තමන් හමුවට පැමිණි බවට යාපනය ශීක්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා යාපනයේ උසස් පොලිස් නිලධාරීන් වෙත ඊයේ (12) පැමිණිලි කිරීමෙන් පසුව එම නිලධාරීන් දෙදෙනාට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කොට ඇතැයි යාපනය නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ප්‍රකාශ කරයි.

යාපනයේ අච්චුවේලී ප්රදේශයේදී රිය අනතුරකට සම්බන්ධ වු රියදුරෙකු  බීමත්ව සිටීද යන්න පරීක්ෂා කිරීම සඳහා ඔහුව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත  ඉදිරිපත් කළ පොලිස් නිලධාරීන් දෙදෙනා මේ අන්දමට බීමත්ව සිටි බවට පැමිණිලි කොට තිබේ.

මේ පොලිස් නිලධාරීන් දෙදෙනා අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවීමට පැමිණි අවස්ථාවේදී ඔවුන් දෙදෙනාම  පොලිසි නිල ඇදුම් වලින් සැරසී ටිටි බවටද තොරතුරු ලැබී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනය  අචුවේලි පොලිස් වසමට අයත් පුත්තූර් ප්‍රදේශයේ දී ටිපර් රථයක ගැටීමෙන් ත්‍රීරෝද රථයක ගමන් ගත් වයෝවෘද්ධ පුද්ගලයෙකු  මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ටිපර් රථ රියදුරාව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කිරීමට ගිය අවස්ථාවේදී මේ සිද්ධිය සිදුව තිබේ.


Exit mobile version