අද රෑ 12න් පසු විදුලිය කියා දෙයක් නැති වෙන්න පුලුවන්… සියලුම විදුලි සේවකයෝ සේවයෙන් ඉවත් වෙති!

කීර්ති ප්‍රනාන්දු – 

අද මධ්‍යම රාත්‍රියේ 12න් පසු විදුලිය කියා දෙයක් රට තුළ නැති බව නිවේදනය කරමින් සමස්ථ විදුලිබල මණ්ඩල සේවක ප්‍රජාව සේවයෙන් ඉවත්වීමට තීරණය කර සිටිති.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රන්ජිත් ඉඳුවරගෙන් ලංකාසර කළ විමසීමක දී ඔහු පැවසුවේ තරගකාරී මිල ගණන්වලට විදුලි ඒකක අලෙවි කර අඩුම ලන්සුවට මිල දී ගැනීමේ ජාතික ප්‍රතිපත්තිය  වෙනුවට පුද්ගල අභිමතය මත පදනම්ව විදුලිය මිලදී ගැනීමට ඉන්දියාවේ අදානි සමාගම සමග කරන ගනුදෙනුව සඳහා   විදුලිබල පනත වෙනස් කිරීමට එරෙහි වෙමින්   මෙම තීන්දුව ගත් බවය.

විදුලිබල පනතෙහි ඇතුළත් විදුලිය මිලදී ගැනීමේ දී අවම මිල සහතික කිරීම නව සංශෝධනය මඟින් ඉවත් කළ පසු ඕනෑම මිලකට විදුලිය මිලදී ගැනිමට අවස්ථාව සැලසෙන  බව ඔහු පෙන්වා දෙන්නේය.

“විදුලිබල පනන ආණ්ඩුව වෙනස් කරන්න යනවා. ඔව්… අපිත් පිලිගන්නවා පනත සංශෝධනය විය යුතුයි කියලා. ඒත් ඔවුන් සංශෝධනය කරන්න යන්නේ    අපිට අවම මිල ගණන්වලට තමයි විදුලිය ගන්න  තිබෙන අවස්ථාව. ඒක අවස්ථාව අහිමි වෙන ආකාරයට පනත සංශෝධනය කරලා  ඉන්දියාවෙ අදානි සමාගමෙන්   එම සමාගමමේ සහ රජයේ අභිමතය පරිදි විදුලි ඒකකයක මිල නියම කරලා  මිලදී ගන්න යනවා. “


2009 විදුලි බල පනතෙත් ඉන් පසු සංශෝධනය වුන පනතෙත් තියෙන වැදගත්ම අනුමිතියක් තමයි  විවෘත වෙළෙඳපලේ මිල ගණන් කැඳවලා ඉදිරිපත්වන මිල ගණන් යටතේ අවම මිලට විදුලිය මිල දී ගැනීම.   අපි විරුද්ධ වෙන්නෙ අදානි හෝ ලෝකයේ වෙනත් ඕනෑම සමාගමකින් විදුලිය ගැනීම නොවෙයි. මේ පනත වෙනස් කරලා දෙපාර්ශවයක ගනුදෙනුවක් විදිහට විදුලිය මිලදී ගැනීමට කරන උත්සාහයට. “

“අප කියන්නෙ අදානිට නෙමෙයි කාට දුන්නත් කමක් නෑ. ක්‍රමවේදයකට දෙන්න.“

මේ ක්‍රියාවලියට එරෙහිව අපි අද රාත්‍රී 12 සිට සේවයෙන් ඉවත් වෙනවා. අපි ඉවත්වෙන්න කලින් ඉල්ලනවා කවුරුහරි භාරගෙන මේ පද්ධතිය ක්‍රියාත්මක කරන්න පුලුවන්නම් කරන්න කියලා. බැරිනම්  ක්‍රමානුකූලව සියලුම විදුලි සේවකයින් ඉවත් වෙනවා.  එවැනි අවස්ථාවක පද්ධතිය ආරක්ෂා කරගන්න නම්  සියලුම යන්ත්‍ර සූත්‍ර සෛද්ධාන්තිකවම නැවැත්විය යුතුයි. උදේ 08 වනවිට  සියලුම සේවකයින් ඉවත් වේවි.  රටේ විදුලිය කියලා දෙයක් ඒ මොහොත වනවිට නෑ.

මේ තත්ත්වය ගැන සාකච්ඡා කරන්න අද සවස 04ට ඇමතිවරයා හමුවෙනවා. ඒ වගේම තත්ත්වය ගැන ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වා ප්‍රකාශයක් කරනවා.

අප මේ ක්‍රියාමාර්ගය ගත්තේ ජනතාව වෙනුවෙන්. රටේ අනාගතය වෙනුවෙන්.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සභාපතිවරයා පැවසීය.

Exit mobile version