අද මීගමුවට හලාවතට සහ මඩකපුවට විශේෂ ආරක්ෂාවක්

පාස්කු ඉරිදාව යෙදෙන අද දිනයේ පැවැත්වෙන දේව මෙහය සඳහා යොදවා ඇති ආරක්ෂක පියවර අතර විශේෂ අවධානයක් යොමු කර ඇති ප්‍රදේශ වන්නේ මීගමුව, හලාවත සහ මඩකලපුව බව පොලිසිය පවසයි. මේ තත්ත්වයට විශේෂිත හේතුව වන්නේ ශ්‍රි ලංකාවේ වැඩිම කතෝලික සහ ක්‍රිස්තියානි දේවස්ථාන පිහිටා ඇති ප්‍රදේශ තුන වන්නේ ඒවා වීමය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට අනුව මෙරට ප්‍රදේශයක් ලෙස සැලකීමේදී වැඩිම දේවස්ථාන ප්‍රමාණයක් පවතින්නේ මීගමුවේය. එය සංඛ්‍යාත්මකව 11කි. හලාවත ප්‍රදේශයේ දේවස්ථාන 111ක් පිහිටා ඇති අතර මඩකලපුවේ 98ක් පිහිටා ඇත. මෙම දේවස්ථානවලට අද පෙරවරුවේ විශාල වශයෙන් බැතිමතුන් පැමිණෙතැයි අපේක්ෂා කරන බැවින් ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව සැලසීමට විශේෂ සූදානමක් කිරීමට පොලිසියට සිදුව ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද දින මෙරට සමස්ත කිතුණු දේවස්ථානවලට 1200කට අධික ආරක්ෂක සාමාජිකයන් පිරිසක් සේවයේ යොදවා ඇති අතර පොලිසිය විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් මේ සඳහා යොදවා තිබේ.


Exit mobile version