අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක් තවත් රුපියල් 30කි ඉහළට… හෙට සිට පාන් ගෙඩිය 180යි..

කීර්ති ප්‍රනාන්දු  –

අද මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 30 කින් වැඩි කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර  ඇත. ඒ අනුව හෙට සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 180කි.

මීට අමතරව අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10 කින් වැඩි කිරීමට ද ඔවුන් තීරණය කර තිබේ.

සමස්ථ ලංකා බේකරිහිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන ප්‍රකාශ කළේ පාන් පිටි හැරුණු විට අනෙක්  සියලුම අමුද්‍රව්‍ය සියයට හාරසීයයයකින් මිල ඉහළ ගොස් ඇති බවය. මේ වනවිට 7000ක් වන රට පුරා බේකරිවලින් හරි අඩක් වැසී ගොස් ඇති බවය.

ප්‍රීමා සමාගම විසින් බේකරි නිෂ්පාදන සදහා යොදා ගන්නා සහ අනෙකුත් ආහාර පිලියෙල කිරිම සදහා යොදා ගන්නා තිරිගු පිටි කිලෝවක් අද  (19) දින සිට තවත් රු 40 කින් ඉහළ දමන ලෙසට දිවයිනේ සියළුම අලෙවි නියෝජිතයන් වෙත දැනුම් දීමෙන් අනතුරුව බේකරි නිශ්පාදකයින් මෙම තීන්දුව ගෙන ඇත.


බේකරි නිෂ්පාදන සදහා භාවිතා කරනු ලබන මිල්ක් වර්ගයේ තිරිගු පිටි කිලෝවක් අලෙවි නියෝජිතයන් විසින් බේකරි හිමියන්ට නිකුත් කරනු  ලබන්නේ රු 243.50 කටය.

මේ සම්බන්ධව කළ විමසීමක දී  බේකරි හිමියන් කියා  සිටින්නේ කිලෝ 50 ක තිරිගු පිටි මිටියක් මිල දි ගැනිමට රුපියල්  දස දහසකට වැඩි වියදමක් දැන් තමන්ට දැරීමට සිදුවන බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ මිලවැඩිවීම හමුවේ බේකරි   කර්මාන්තය කඩා වැටිමේ දැඩි අවදානමකට ලක් වි ඇති බවද  ඔවුහු පෙන්වා දුන්හ.

Exit mobile version