අද බස්නාහිරින් පිටවන්නන් කොවිඩ් පරීක්ෂාවට ලක් කරන ස්ථාන 12 මෙන්න..

කොරොනා රෝගය පිටපත පළාත්වලට පැතිර වීම වැළැක්වීම සඳහා බස්නාහිර පළාතෙන් පිට වන ස්ථාන 12ක දී අද සිට  පුද්ගල පරීක්ෂා කිරිමක් සිදුකරණ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි .

සෞඛ්‍ය අංශ , පොලීසිය , ත්‍රිවිධ හමුදාව යොදවා මෙම පරීක්ෂණ සිදුකරන බව ද හෙතෙම කියා සිටියේය.

පිට පලාත්වලට රෝගය පැතිරීම වළක්වා ගැනීම සඳහා මෙම මෙහෙයුම් සිදුකරන බව හෙතෙම කියා සිටියේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොච්චිකඩේ  තෝප්පුව පාලම, කොටදෙණියාව බඩල්ගම පාලම, නිට්ටඹුව හැලගල හන්දිය, මීරිගම ගිරිඋල්ල පාලම,  දොම්පෙ සමනබැද්ද පාලම, හංවැල්ල වනහගොඩපාලම,  අලුත්ගම බෙන්තර පාලම, තිනියාවල තිනියාවල හන්දිය, ඉංගිරිය කැටකැදැල්ල පාලම, බදුරලිය අගලවත්ත පාලම, මීගහදූව ගොරකදූව අවිත්තාව පාලම, දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව යන ස්ථානවල දී බස්නාහිර පළාතින් පටවන හා ඇතුළුවන පුද්ගලයින් අහඹු ප්‍රතිදේහ පරීක්ෂණයට ලක් කරනු ලබයි.

Exit mobile version