අද දවසට මරණ 03යි… දෙවන රැල්ලේ මුළු කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 43000 ඉක්මවයි..

අද දවස තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ තුනක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය. මීතිරිගල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙක්,   බේරුවල ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙක්, කොළඹ 14 පදිංචි 89 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මිය ගොස් තිබිණි. කොළඹ 14 පදිංචි පුද්ගලයා මියගොස් ඇත්තේ නිවසේ ය.

මේ වනවිට ලංකාව තුළ කොවිඩ් ආසාදිතව මිය ගිය සංඛ්‍යාව 222කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම අද දවස තුළ කොවිඩ් ආසාදිතයන් 525ක් වාර්තා වූ බව රජය අංශ නිවේදනය කරන තිබිණි. ඉන් 93 දෙනෙක් බන්ධනාගාර රැඳවියන්ය. කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිත සංඛ්‍යාව දැන් 43  000 ඉක්මවා ඇති. මුළු ආසාදිතයන් සංඛ්‍යාව 43023කි.


 

 

Exit mobile version