අදින් පසු හිඟයක් නෑ…  ගෑස් පෝලිම් ඉවර වේවි! – ලිට්‍රෝ නිවේදනය කරයි

පාරිභෝගිකයින්ගේ දෛනික අවශ්‍යතාවයට වඩා වැඩි ගෘහස්ථ ගෑස් සිලින්ඩර් ප්‍රමාණයක්  නිකුත් කර එමගින් දේශීය වෙළඳපොලේ ගෑස් අවශ්‍යතාවය ස්ථාවර කර ඇති බව  ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම අද නිවේදනය කළේය.

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී චාමනී හේරත් පතිරගේ  ඩේලි මිරර් වෙත පවසා ඇත්තේ ඉල්ලුමට සරිලන පරිදි අවශ්‍ය තරම් තොග තම ආයතනය සතුව ඇති බවය.

තමන් පසුගිය දින දෙක තුළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර 220,000 ක් වෙළෙඳපොළට සපයා ඇති බවත් දිනකට සිලින්ඩර 90,000 – 100,000 ක අතර උපරිමයක් දක්වා ලබාදීමට සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් එම සමාගම කියයි.


පාරිභෝගිකයන් සතුව තිබූ ගෑස් සිලින්ඩර නැවත ලබා ගැනීමට සමාගම ගත් උත්සාහයක් හේතුවෙන් මෙම ගෑස් හිඟය ඇති වූ බවත්    පාරිභෝගිකයන් තම භාවිතය සඳහා පමණක් ගෑස් මිලදී ගන්නා ලෙසත් ලිට්‍රෝ සමගම ඉල්ලීමක් කර ඇත.

දෛනික පරිභෝජනයට සරිලන පරිදි ප්‍රමාණවත් ගෑස් සිලින්ඩර තොගයක් වෙළෙඳපොළට නිකුත් කිරීමට සමාගමට හැකියාව ඇති බැවින් කලබල නොවන ලෙස ද එම මාගම ජනතාගෙන් ඉල්ලා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මීට අමතරව වැඩි මිලට ගෑස් අලෙවි කරන තොග කරුවන් පිළිබඳව 1311 ඔස්සේ දැනුම් දෙන ලෙස ලිට්‍රෝ ගෑස් ලංකා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Exit mobile version