අතුරුගිරියේ ලඩියා ඉන්දියාවේ දී අත්අඩංගුවට

අංගොඩ ලොක්කා සමග ඉන්දියාවට පළාගොස් එරට පුරවැසියෙක් ලෙස ජීවත්වූ අතුරුගිරියේ ලඩියා නැමැති පාතාල අපරාධකරු ඉන්දියාවේ බැංගලෝර් හීදී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඉන්දියාව කේන්ද්‍රකරගෙන ශ්‍රී ලාංකික පාතාල අපරාධකරුවන් පකිස්තානය සමග කෙරන මත්කුඩු ජාවාරම ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව එරට බුද්ධි අංශ විසින් කළ හෙළිකර තිබුණි.

ඒ සමඟ මෙරටින් එරටට පළාගොස් සිටින පාතාල අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් මෙම වසරේ මුල ආරම්භ විය.


ඒ අනුව ඉන්දියාවේම ජීවත් වූ කිඹුලාඇල ගුණා සහ ඔහුගේ ගෝලබාලයින්, කිඹුලාඇල සුරේෂ්, පූකුඩිකන්නා, කොට ගාමිණි, ඇතුළු නමගිය පාතාල අපරාධකරුවන් රැසක් ඉන්දීය පොලීසියට කොටු විය.

ප්‍රධාන අපරාධකරුවන් මෙන්ම ඔවුන්ගේ ගෝලබාලයින්ද සමග මේ වන විට 40 කට වැඩි පිරිසක් එරට අත්අඩංගුවට පත්ව තිබේ.

එරට බුද්ධි අංශ විසින් හෙළිකරගෙන ඇති ආකාරයට අනුව පානදුරේ කුඩු සලිදුද මේ වන විට රැදී සිටින්නේ යැයි සදහන් වන්නේ ඉන්දියාවේය.

ජාත්‍යන්තර පොලීසිය මගින් මේ වනවිටත් ඉන්දියානු ආරක්ෂක අංශ කුඩු සලිදුගේ තොරතුරු ලබාගෙන ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වන විට ඔහුව කොටුකර ගැනීමේ බුද්ධි සෙමහෙයුමක්ද ඉන්දියාව තුළ ක්‍රියාත්මක වන බව සදහන්ය.

Exit mobile version