අංජුගේ ප්‍රධාන ගෝලයෙක් වූ ගොනාකෝවිලේ රාජා පොලිස් වෙඩි පහරින් මරුට

ගල්කිස්ස, රත්මලාන ප්‍රදේශ ආශ්‍රිතව සිදුවන මතකුඩු ජාවාරම මිනී මරුම් අපරාධ රැලල්ලට සම්බන්ධ ප්‍රධාන අපරධකරුවෙක් වූ  ගොනාකෝවිලේ රාජා (50) නැමැති අපරාධකරු අද (07) මිනුවන්ගොඩ බල්ලපාන නිවසක රැඳී සිටිය දී පොලිස් වෙඩි පහරින් මරුමුවට පත් විය.

ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාත් පවුලත් කෑලි වලට කපා ඝාතනය කරන බවට තර්ජනය කළ පාතාල අපරාධකරුවෙක් හා මත්ද්‍රව්‍ය ජවාරමෙක් වූ ඩුබායි හි වෙසෙන ගෝනකෝවිලේ කුඩු අංජු නැමැත්තාගේ ප්‍රධානම වෙඩික්කරු ලෙස මේ පුද්ගලයා කටයුතු කර තිබුණු ආකාරය පොලිස් වාර්තා හෙළි කරන්නේය.

රත්මලාන ප්‍රදේශයේ තවත් අරාධකරුවෙක් වූ ගොනාකෝවිලේ රොහා නැමැත්තාගේ මාමා වන පුදගලයෙක් රත්මලාන දුම්රියපලේ දී වෙඩි තබා ඝාතනය කිරීම, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියා ඝාතන සිද්ධියට සම්බන්ධ වීම ඇතුළු මිනීමරුම් හා කොල්ලකෑම් ගණනාවකට මේ පුද්ගලයා සම්බන්ධ බවත් ඔහු විවිධ නම්වලින් පෙනී සිටිමින් මේ අපරාධ කළ බවත් පොලිස් ආරංචිමාර්ග කියයි.


ගොනාකෝවිලේ රාජා මිනුවන්ගොඩ බල්ලපාන ප්‍රදේශයේ නිවසක රැඳී සිටින බවට ලැබුණු තොරතුරක් මත කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් සහ පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක්  එක්ව අද (07) අලුයම   මෙහෙයුමක් දියත් කර තිබේ.

සැක කරු අත්අඩංගුවට ගැනීමට යෑමේ දී සැකකරු පොලිස් නිලධාරීන්ට වෙඩි තැබූ බවත්, අනතුරුව පොලිසිය කළ වෙඩි තැබීමකින් සැකකරු තුවාල ලබා දිවුලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බවත්  පොලිස් මූලස්ථානය වාර්තා කර තිබුණේය. සැකකරු සතුව තිබී පිස්තෝලයක් හා ඉන්දියානු ගමන් බලපත්‍රයක් සොයා ගැනීමට පොලිසියට හැකි වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැනට මෘතදේහය දිවුලපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවත්, සිද්ධියය සම්න්ධව පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසය හා කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරන බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Exit mobile version