අංගොඩ ලොක්කාගේ ගෝලයෙකුට වෙඩි තබා මරා දමයි… තවත් අයෙකුට තුවාල!

නිමන්ති රණසිංහ –

පාතාල සාමාජිකයකු වූ අංගොඩ ලොක්කාගේ ගෝලයකු නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි ප්‍රහාරයකින් අද 26 අලුයම මුල්ලේරියාව දෙල්ගහවත්ත ප්‍රදේශයේ දී ඝාතනය කරනු ලැබ ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනය කර ඇත්තේ මිලින්ද නැමැති 34 හැවිරිදි පුද්ගලයකු බව මුල්ලේරියාව පොලිසිය පවසයි.

මෙම වෙඩි තැබීමෙන් මරණකරුගේ මස්සිනා ද තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද වාර්තා වේ.


මරණකරු, පාතාල ක්‍රියාකාරිකයකු වූ අංගොඩ ලොක්කා ගේ ප්‍රධාන ගෝලයකු ලෙස සැලකෙන අතර මේ වන විට විදෙස් ගතව සිටින “ඉතාලි චමින්ද’ නමැත්තාගේ සමීපතමයකු බවට ද තොරතුරු අනාවරණය වන බව පොලීසිය පවසයි.

යතුරු පැදියකින් පැමිණ ඇති ඝාතකයන් අද (26) අලුයම 3ට පමණ මුල්ලේරියාව දෙල්ගහවත්ත ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක් අසල යතුරු පැදිය නවතා ඒ අසල පිහිටි මරණකරුගේ නිවසට ගොස් දොරට තට්ටු කර නිවැසියන් අවදි කිරීමෙන් පසු මෙම වෙඩි තැබීම සිදු කළ බවට මේ වන විට කරුණු හෙළිවී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකාදීප

Exit mobile version