20 පාර්ලිමේන්තුවට ගෙන ඒම තවත් කල් යයි…

කෙටුම්පත සංශෝධනයට තවත් කමිටුවක් පත් වේ..

Sri Lanka, October 25 (ANI): Sri Lanka People's Front party presidential election candidate and former wartime defence chief Gotabaya Rajapaksa and his brother former president and opposition leader Mahinda Rajapaksa looks at the manifesto book during it's launching ceremony in Colombo on Friday. (REUTERS Photo)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය සම්බන්දයෙන් ආණ්ඩු පක්ෂයට එක් ස්ථාවරයට පැමිණීමට නොහැකිවීම නිසා  20 වැනි සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තව දුරටත් ප්‍රමාදවන  තත්වයක් උද්ගත වී තිබේ.

මේ වනවිට කෙටුම්පත් කර තිබෙන 20 වැනි සංශෝධනය තුළ එකඟවිය නොහැකි ගැටලු සහිත කරුණු රැසක් අන්තර්ගතව තිබෙන බැවින් ඒ කරුණු නිවැරදිකර ඒ සම්බන්ධයෙන් එකඟතාවයක් ඇති කර ගන්නා තෙක් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් වැළැකී සිටින ලෙස ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරු පිරිසක් පසුගිය සිකුරාදා  අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

දැනට කෙටුම්පත් කර තිබෙන සංශෝධනයට කිසිසේත් තමන්ට එකඟවිය නොහැකි බවත්, ඒ නිසා එහි පවතින ගැටලු පිළිබඳව පුලුල්ව සාකච්ඡා කර ඒ සියල්ල යළි සංශෝධනය කර කෙටුම්පතට එක් කළ යුතු බවත් එම ඇමති කණ්ඩායම අගමැතිවරයාට වැඩි දුරටත් පවසා ඇත.


මේ සම්බන්ධව අගමැතිවරයාගේ ද එකඟත්වය පළ වූ බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් ලංකාසරට පැවසීය.

අගමැතිගේ එකඟත්වය පරිදි 20 වැනි සංශෝධන කෙටුම්පතේ අන්තර්ගත කරුණු පිළිබඳව පුලුල්ව සොයා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට  පියවර ගත් බවත් ඊට අමතරව ආණ්ඩුව අභ්‍යන්තරයේ මෙම සංශෝධනයේ එකඟවිය හැකි හා එකඟවිය නොහැකි  කරුණු පිළිබඳව සංවාදයක් ගොඩනැගීමටත් තීරණය කළ බව එම ඇමතිවරයා වැඩිදුරටත් කීය.

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක බලයක් ලබා ගත යුතු නමුත් ගැටලු සහගත තැන් සංශෝධනය නොකරනවා නම් ඒ සඳහා තුනෙන් දෙක ලබාගැනීම අවිනිශ්ඡිත බව ඉහත ඇමති කණ්ඩායම අගමැතිවරයාට පෙන්වා දී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අනුව 20වැනි සංශෝධනයට සම්බන්ධව ආණ්ඩුවේ ඇමතිවරුන් ගේ හා මන්ත්‍රීවරුන්ගේ ගැටලු හා විපක්ෂයේ ආණ්ඩුවට එක්වීමට අපේක්ෂාවෙන් සිටින දෙමළ දේශපාලන පක්ෂ ඉදිරිපත් කර තිබෙන ගැටලු හා යෝජනා සියල්ල ද සලකා බලා සියලු පාර්ශ්ව පිලිගත හැකි ආකාරයට  20 වැනි සංශෝධන කෙටුම්පත යළි සංශෝධනය කර ප්‍රමාද වී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව පියවර ගෙන තිබේ.

Exit mobile version