හෙළ උරුමයෙන් ඉවත් වූ 26ක් සමගි ජන බලවේගයට

43 සේනාංකයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මහා නා හිමිවරුන්ට පිළිගන්වයි...

ජාතික සමඟි ජනබලවේගයේ ඉදිරි සමුළුවේදී හෙල උරුමයෙන් ඉවත්වූ විසිහයදෙනා එම බලවේගය හා එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක  පවසයි.

සමගි  ජන බලවේගයේ විධායක සභාවට සහභාගි වන ලෙස ලැබුණු ආරධනාවට අනුව ඊට සහභාගි වූ බවත් මෙතෙක් එහි සාමාජිකත්වය ලබාගෙන නොමැති වුවත් එකතු වීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් නොමැති බවත් ඔහු කීවේය.

මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම ඊයේ (07) බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව ප්‍රකාශ කළේය.


රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් බිහි කළ 43 වැනි සේනාංකය ‘ඉන්න හිතෙන රටක්’ වෙනුවෙන වූ ව්‍යාපාරයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මන්ත්‍රීවරයා විසින් මහනාහිමිවරුන්ට පිළිගන්වනු ලැබීය.

මහජන නියෝජිතයෙකු ලෙස තමන් පත්ව තිබෙන්නේ සමගි ජනබලවේගයට ජනතාව ලබාදුන් ඡන්දයෙන් බවත් ඒ ජනමතයට එරෙහිව කටයුතු නොකරන බවත් හෙතෙම පැවසුවේය.

ජනපතිවරණයට තවත් කල් තිබෙන බවත් එය පැමිණි අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස මහතා හෝ  ජයග්‍රහණය කළ හැකි ශක්තිමත්ම  අපේක්ෂකයා ඉදිරිපත්කර අනිවාර්යයනේම අපේ ජනාධිපතිවරයෙක් 2024 දි බලයට ගෙන එන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

තමන් අද සිටින තැනට පැමිණ සිටින්නේ පවුල් බලයෙන් හෝ තවත් දේශපාලනඥයෙකුගේ අත්වැල අල්ලාගෙන නොව කුසලතාව හා නිපුණතාවයෙන් බවත් මේ රටේ අනාගත පරපුරට බලය ලබාදීම පිණිස 43 වන සේනායංකය ගොඩනැගූ බවත් හෙතෙම පැවසුවේය.අද ෆේස් මාස්ක එකෙන්,සැනිටයිසර් එකෙන්,පී.සී.ආර් කට්ටලයෙන්,ඇන්ටිජන් පරීක්ෂාවෙන් සිදුවන්නේ කොල්ල කෑමක් බවද ඒ මහතා කීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ආණ්ඩු විදේශ ලේකම්වරයා ඇමරිකාවේ ජනාධිපති විවේචනය කරන බවත්  ඇමරිකාව විවේචනය කිරීමට පෙර මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදි නිදහස ආරක්ෂා කිරීමට වගබලා ගත යුතු බවත් කී ඒ මහතා මිනිස්සුන්ට මහ පාරේ වෙඩි තියෙනවා නම්,දේශපාලනික ක්‍රියකාරීන්ගෙන් පළිගනන්වා නම් ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාදයක තිබේද යන් ප්‍රශ්නයක් බවද අවධාරණය කළේය.බෙදුම්වාදී බලවේග ලෝකය පුරා කරන ප්‍රචාරයට අවශ්‍ය පිදුරු හදා දෙන්නේ මේ ආණ්ඩුව බවද ඒ මහතා කීව්ය.

 

Exit mobile version