ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ  විශේෂ රැස්වීමක්  අද (18) සවස කොළඹ ඩාලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වේ.

මෙම රැස්වීම කැඳවනු ලැබුවේ රටේ උද්ගත වී ඇති වත්මන් තත්වය හා ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයට මුහුණ දීම සම්බන්ධන්ධයෙන්  සාකච්ඡා කරීමට  බව අප කළ විමසුමක දී  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  දයාසිරි ජයසේකර පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වසංගතය වේගයෙන් ව්‍යාප්ත විම සමග දේශපාලන කටයුතු යළි ආරම්භ කිරීම හා පවතින තත්වය මත ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් එයට සාර්ථකව මුහුණ දීම සඳහා සිය පක්ෂයේ සැලසුම් දියත් කිරීම ඇතුළු කරුණු  ගණනාවක් මධ්‍යම කාරක සභාවේදී පැවැත්වෙන බව හෙතෙම තවදුරත් කීය.


Exit mobile version