විපක්ෂ පක්ෂ සියල්ල දොර වසාගෙන කළ සාකච්ඡාවෙන් පසු ආණ්ඩුවට යෝජනාවක් !

විපක්ෂයේ සියලු පක්ෂ එක්ව පැවති සාකච්ඡා වට දෙකකින් පසු පවතින දැඩි විදේශ විනිමය අර්බුදයට විසඳුමක් ලබා දීමේ යෝජනාවක් රජය වෙත ලබා දීමට තීරණය කළ බව එම සාකච්ඡාවට මුල පිරූ  දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන්    පවසයි .

ඔහු ඩේලි මිරර් පුවත්පතට පවසා ඇත්තේ විශේෂයෙන් ණය හිමියන් සමග සාකච්ඡා කර එම ණය ගෙවීම් කල් දැම්ම සහ ප්‍රතිව්‍යුහගත කිරීමට යෝජනා කිරීම සඳහා පක්ෂ නියෝජිතයන් තීරණය කළ බවයි.

මේ සාකච්ඡා පළමු වටය පසුගිය ජනවාරි 27 වැනිදා පවත්වා ඇති අතර දෙවැනි වටය පසුගිය බ්‍රහස්පතින්දා පවත්වා ඇත.


බාහිර කිසිවකු සහභාගි නොවූ මේම සාකච්ඡා සදහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදා , එජාප නායක රනිල් වික්‍රමසිංහ, දෙමළ ජාතික සන්ධාන නායක ආර් සම්බන්ධන් , ජාතික ජන බලවේග මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය සහභාගි වී ඇති අතර කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත්, රාජ්‍ය ගිණුම් කාරක සභා සභාපති අනුර ප්‍රියදර්ශන යාපා, පොදු ගිණුම කාරක සභා සභාපති මහාචාර්ය තිස්ස විතරණ ද සහභාගි වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මීට අමතරව ආචාර්ය හර්ෂ ද සිල්වා සහ ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රී දෙපළ සහභාගි වී ඇත.

 

Exit mobile version