ලංකාවට එරෙහි ජිනීවා යෝජනාවට ඉන්දියාව නියතවම සහය දිය යුතුයි…

ලංකාවට එරෙහිව යෝජනා ගෙනන සෑම රටක් සමගම ටී.එන්.ඒ සාකච්ඡා අරඹන බව සුමන්තිරන් කියයි...

දිනසේන රතුගමගේ –

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 46 වෙනි සැසිවාරයට ශ්‍රී ලංකාවට එරෙහිව රටවල් කීපයක් විසින් ගෙන එනු ලබන යෝජනාවලියට ඉන්දියාව අනිවාර්යෙන්ම සහය පල කළ යුතු බව දෙමළ ජාතික සන්ධානය සදහන් කරයි.

යාපනයේ මාධ්‍යවේදීන්ට අදහස් දැක්වු  දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශක එම්.ඒ.සුමන්තිරන් මන්ත්‍රීවරයා පැවසුවේ මේ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය ඉන්දියාව සමග ඉතා දීර්ඝ වශයෙන් සාකච්ඡා කරණ බවයි.

ඉන්දියාව තුළ අති විශාල දෙමළ ජනතාවක් වෙසෙන නිසා ඉන්දියාව මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළ යුතුව ඇති බව පවසන  සුමන්තිරන් මන්ත්‍රීවරයා මානව හිමිකම් උල්ලංගණය වීමේ දී දෙමළ ජනතාවට වැඩි සිදුවීම් ගණනාවකට මුහුණ පෑමට   සිදුවූ බව ඉන්දියාව හොඳින් දන්නා කරුණක් බවද  මේ සාකච්ඡාවේදී පැවසීය.


ඉන්දියාව සමග පමණක් නොව ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනා ගෙන එනු ලබන සෙසු රටවල් සමගද දෙමළ ජාතික සන්ධානය සාකච්ඡා කරන බව සුමන්තිරන් මන්ත්‍රීවරයා පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලංකා රජය විසින් ගෙන ඇති විවිධ තීන්දු තීරණ නිසා හා ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඇති දෙබිඩි ප්‍රතිපත්තිය නිසා ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් මණ්ඩලයට යෝජනා ගෙන එන රටවල් සංඛ්‍යාව වැඩි වන බවට දෙමළ ජාතික සන්ධානය උපකල්පනය කරණ බවත් එම සියළුම රටවල් වල සහය දෙමළ ජනතාව උදෙසා ලබා ගන්නා බවත් සුමන්තිරන් මන්ත්‍රීවරයා වැඩි දුරටත් සදහන් කරයි.

Exit mobile version