බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට එන්නේ මෙහෙමයි

දිවුරුම් දීම බොහෝ විට ලබන 12 වෙනි දා

ද්විත්ව පුරවැසිභාවය ඇති පුද්ගලයකු ලෙස පසුගිය කාලය තුළ දැඩි ආන්දෝලනයකට ලක්වූ බැසිල් රාජපක්ෂ මහතා ලබන දොළොස් වැනි දා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ ලංකාසරට වාර්තා වේ.

බැසිල් රාජපක්ෂ මහතා මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණීමේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව කථානායකවරයා වෙත දැනුම් දිය යුතුය.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව කතානායකවරයාට දැනුම් දීමට නියමිතව ඇති බව ඉහත ආරංචිමාර්ග සනාථ කරයි.


තමා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව කථානායකවරයාට දැන්වීමෙන් පසු ඒ බව කතානායකවරයා විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත දැනුම් දෙනු ලබයි.

එම ඉල්ලා අස්වීම පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ලිපියකින් මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දිය යුතුය.

මන්ත්‍රීවරයා ඉල්ලා අස් වූ බව පාර්ලිමේන්තු මහලේකම් මැතිවරණ කොමසාරිස්වරයා වෙත දැනුම් දීමෙන් පසු කොමසාරිස්වරයා අදාළ පක්ෂයේ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ) මහ ලේකම්වරයා වෙත මන්ත්‍රීධුරයක් පුරප්පාඩුව පවතින බව දැනුම් දිය යුතුය.

ඉන්පසු පක්ෂයේ මහලේකම්වරයා විසින් පවතින පුරප්පාඩුව සඳහා බැසිල් රාජපක්ෂ මහතා පත් කරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලිපියකින් දැනුම් දීමෙන් අනතුරුව රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා ශ්‍රීලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස දිව්රුම් දීමට අවස්ථාව උදාවේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉදිරි සතිය තුළ මෙම ක්‍රියාවලිය සිදුවීමෙන් අනතුරුව ලබන දොළොස් වැනි දා බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිව්රුම් දීමට සැලසුම් කරමින් සිටින බව ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

Exit mobile version