බාල ගිරි ඉවරයි….අවසන් තීරණයට හෙට කොමිසම රැස් වෙයි

මැතිවරණ දිනය හා මනාප අංක ලබාදීමේ කටයුතු සිදුවන්නේ අධිකරණ තීන්දුව අනුවයි

මහමැතිවරණය පැවැත්වෙන දිනය සහ අපේක්ෂකයන්ගේ මනාප අංක නිකුත් කිරිම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡාවක් හෙට (20) පැවැත්වේ.

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාවේ දී සෞඛ්‍යය හා අනෙක්තු අංශ මගින් ලබා දී ඇති උපදෙස් හා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදන්ට අනුගත වෙමින් මහමැතිවරණය පැවැත්වීමට අදාල පියවර කෙරෙහි ද පුළුල්ව සාකච්ඡා කිරීමට නියමිතය.

ඉහත කරුණු සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසමේ නිලධාරීන් කිහිප අවස්ථවාක් රැස්වුන නමුත් ඔවුන් අතර ඇති වූ කිසියම් බෙදීමක් නිසා අවසන් තිරණයකින් තොරව එම සාකච්ඡා නවතා දැමීමට සිදුවිය.


යෝජිත මහමැතිවරණය පසුගිය අප්‍රේල් 25 දා පැවැත්වීමට දින නියම වී තිබුණ ද කොරෝනා වසංගත තත්තවය හේතුවෙන් එය ජූනි මස 20දාට කල් දැමිණි.

මහා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සහ මනාප අංක ප්‍රකාශයට පත් කරන ලෙස ආණ්ඩුව පාර්ශවයෙන් පසුගිය කාලය තුළ මැතිවරණ කොමසාරිස්වරයා  වෙත දැඩි බලපෑම් එල්ල විය. කොරෝනා වසංගතය නිම වන තුරු මැතිවරණයක් අවශ්‍ය නොවන බව කියමින් විපක්ෂය බලපෑම් කරන්නට විය.

විපක්ෂය හා ආණ්ඩුව කඳවුරු දෙකක සිට කළ මෙම බලපෑම හමුවේ මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කර සිටියේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධව  ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කරන බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය සැලකිල්ලට ගෙන මැතිවරණ කොමසාරිස්වරයා සිය නිලධාරීන් සමග සාකච්ඡාකොට මැතිවරණ කොමිසමේ තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

Exit mobile version