දළදා වහන්සේට අපහාස කළ සේපාල් සහ ජාතික ජන බලවේගය අතර සම්බන්ධය අනුර කියයි!

දළදා මාළිගාවට අපහාස කළ සේපාල් අමරසිංහ ජාතික ජන බලවේගයේ හෝ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයෙක් හෝ සංවිධාන යාන්ත්‍රණයක සිටින පුද්ගලයෙක් නොවන බවත් පසුගිය මහ මැතිවරණයේ දී සහ ජනාධිපතිවරණයේ දී ඔහු   ඔහු සිටියේ මහින්ද – ගෝඨාභය කඳවුරේ බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේය.

දළදාමාලිගාවට අපහාස කළ පුද්ගලයා පිළිබඳ ජාතික ජන බලවේගයේ ස්ථාවරය කුමක් දැයි මාධ්‍යවේදියෙක් නැගූ පැණයට පිළිතුරු දෙමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානාය පැවසුවේ ඕනෑම ආගමක දර්ශනය පිළිබඳ වාද විවාද කළ හැකි වුව ද ආගමික ගෞරවයට පාත්‍රවන පූජනීය ග්‍රන්ථ, පූජනීය ස්ථාන ගර්හාවට ලක් කිරීම සමාජ කැළඹීමක් ඇතිකිරීමට දරනා කුමන්ත්‍රණ බවය.

එවැනි තත්ත්වයන් මේ රට තුළ ඇති නොවිය යුතු බවත්,  එවැනි සෑම අවස්ථාවකම ජාතික ජන බලවේගය එම තත්ත්ව පරාජය කිරීම සඳහා මැදිහත් වීමටත් සූදානම් බවත් පැවසූ අනුර කුමාර දිසානායක ඒ තත්ත්වය මෙසේ පැහැදිලි කළේය.

මැතිවරණයක් කිට්ටු වෙනකොට මේ වගේ දේවල් සිදුවෙනවා. ජනාධිපතිවරණය වෙලාවේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කළ දිනයේ රාත්‍රී නාගලෝකයෙන් නාගයෙක් ඇවිත් රටට සුභ පණිඩිඩයක් දෙනවා කියලා කතාවක් හැදුවා.
ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගෝටාභයට හදල තිබුණ බ්‍රෑන්ඩ් එක වෙනුවෙන් වඳ කොත්තු, වඳ ඇඳුම්, වඳ දොස්තරලා නිර්මාණය කළා. එහි උච්ඡස්ථානය තමයි පාස්කු ප්‍රහාරය. අදත් පාස්කු ප්‍රහාරයේ මහමොළකරු හොයාගන්න බැරිවුනා. තමන්ගේ බලය වෙනුවෙන් එවැනි විනාශකාරී දේවල් නිර්මාණය කළ පාලකයෝ අපේ රටේ ඉන්නේ. රටේ ප්‍රජාතන්ත්‍රවාදය මිනිසුන්ගේ නිදහස සංවර්ධනය වැනි දේවල් පිළිබඳ සාකච්ඡා කරනවා වෙනුවට ජාතිය ආගම ජාතික ආරක්ෂාව වගේ සංවේදී දේවල් සමඟ කරන දේශපාලන සූදුවක් තිබෙනවා. ඒ සූදුව තමයි මේ පටන් අරගෙන තිබෙන්නේ.


ඔබ කියන පුද්ගලයා ජාතික ජන බලවේගයේ හෝ ජවිපෙ ක්‍රියාකාරිකයෙක් හෝ සංවිධාන යාන්ත්‍රණයක ඉන්න පුද්ගලයෙක් නෙවෙයි. පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී ඔහු නියෝජනය කළේ මහින්ද රාජපක්ෂගේ සහ ගෝටාභය රාජපක්ෂගේ කඳවුර.

නමුත් පුද්ගලයන්ට වෙනස් වෙන්න පුළුවන්. පහුගිය කාලේ යූ ටියුබ් නාලිකාවක් හරහා ඔහුගේ මතයන් ඔහු ඉදිරිපත් කරලා තියනවා. අපිට සමහර සම්මුඛ සාකච්ඡාවලට ආරාධනා කළා. අපි හැංගෙන්නේ නැති නිසා සම්මුඛ සාකච්ඡාවට සහභාගි වුනා. හැංගෙන නායකයින්ට ඒගොල්ල එක්ක සම්මුඛ සාකච්ඡාවක් හොයා ගන්න බෑ. ඒක හරි. යූ ටියුබ් එකක නෙමෙයි, රූපවාහිණි නාලිකාවකවත් ඒ අයට සාකච්ඡාවක් හම්බවෙන්නෙ නෑ.

ඔහු අපි ගැන ඇගයීම් වගේම අපි ගැන විවේචනාත්මක කරුණු ඉදිරිපත් කර තිබෙනවා. යූටියුබර් කෙනෙක් හැටියට ඔහුගේ ස්වාධීනව ඔහු කටයුතු කරමින් තිබෙනවා. දැන් ආණ්ඩුව විතරක් නෙවෙයි ඒ පිළිබඳව විපක්ෂනායකයාත් විවිධ කතා කියනවා පැනික් වෙලා.

බෞද්ධ ආගම පිළිබඳවත්, බෞද්ධ ශිෂ්ඨාචාරය පිළිබඳවත්, දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපට නිසි ඇගයීමක් සහ නිසි මැණීමක් අපට තිබෙනවා. ඒනිසා ආණ්ඩුව විතරක් නෙමෙයි අර පැණික් වෙච්චි කණ්ඩායමත් ඉතාම විසුළු ජනක ප්‍රයත්නයක්.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ වගේම ඕනෑම ආගමක එහි දර්ශනය පිළිබඳ අපට විවාද කරන්න පුලුවන්. ලෝකය ඉස්සරහට යන්නෙ එහෙම. හැබැයි ආගමේ ගෞරවයට පාත්‍රවන මධ්‍යස්ථාන, ගෞරවයට පාත‍්‍රවන ග්‍රන්ථ ඒවා පුලුස්සා දැමීම, ඒවාට ප්‍රහාර එල්ල කිරීම, ඒවාට පරුස වචනයෙන් බැණීම…. ඒවා මුලුමනින්ම යම් සමාජ කැළඹීමක් ඇතිකිරීම සඳහා දරන කුමන්ත්‍රණයන්. ඒ නිසා මා හිතනවා එවැනි දේවල් අපේ රටේ සිදුනොවිය යුතුයි. සිදුවන හැම වෙලාවකම ජාතික ජන බලවේගය ඒවා පරාජය කිරීම සඳහා මැදිහත් වීමටත් සූදානම්.

Exit mobile version