ජාතික ආණ්ඩුවකට සාකච්ඡා ඇරඹේ…

එළඹෙන මහා මැතිවරණයෙන් පසු ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන්  ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අතර මේ වනවිට සාකච්ඡා ආරම්භ වී තිබේ.

නිශ්චිත අරමුණ කිහිපයක් මූලික කරගෙන පිහටුවීමට යෝජිත ජාතික ආණඩුවට දෙමළ ජාතික සංධානය සහ තවත් පකෂ කිහිපයක සහයෝගය ලැබ ගැනීමට සැලසුම් කර තිබෙන ඇත. මැතිවරණය අවසන් වූ වහාම එම පක්ෂ සමග සාකචඡා කිරීමට නියමිතව තිබේ.

සමගි ජන බලවේගය නියෝජනය කරන පසුගිය ආණ්ඩුවේ සිටි ප්‍රභල ඇමතිවරු දෙදෙනෙක් ජාතික ආන්ඩුව පිහිටුවීමේ සම්බන්ධීකරණය සිදු කරන අතර මැතිවරණයෙන් පසු සමග ජන බලවේගන නියොජනය කරන මන්ත්‍රීවරු කණ්ඩායමක් ජාතික ආණ්ඩජුවට සහයෝගය දීමට  එකතුවන බව ඉහත අමැතිවරු දෙදෙනා සහතික වී ඇත.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පෙරමුන එක්ව පිහිටුවන ලද පසුගිය යහපාලන ආණ්ඩුවට වඩා පුළුල් දැක්මක් හා වැඩපිළිවෙළක්  සහිත ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට අදාල කරුනු කෙරෙහි මෙතෙක් පැවති සාකච්ඡාවලදී වැඩි අවධානයක් යොමු කර අති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

කොරෝනා වසංගතයෙන් පසු ශ්‍රි ලංකාව මුහුණ දී සිටින අභියෝග ජය ගැනීමට නම් ශක්තිමත් ජාතික වැඩපිළිවෙළක් තිබිය යුතු බවත්, එම වැඩපිළිවෙළ ජයග්‍රහණය කරවීම ප්‍රධාන පක්ෂ දෙක මූළික කරගත් ජාතික ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවත්ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රධාන පක්ෂ දෙකටම එල්ල වී ඇති බලපෑම් හා ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ජාතික ආණ්ඩුව පිහිටුවීම කෙරෙහි මෙලෙස අවධානය යොමු කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජාතික ආණ්ඩුව පිහිටුවීම කෙරෙහි කතිකාව අරඹුනත් මෙතෙක් ඒ සම්බන්ධව අවසන් එකගතාවයක් ඇතිකර ගැනීම සඳහා එහි මැදිහත් කරුවන් කටයුතු කරමින් හිඳී. ජාතික ආණ්ඩුව බල තුලනයට කාල රාමුව, ඉල්කක සහගත වැටපිළිවෙල ආදි කරුණු පිළිබඳ ඉදිරියේ දී සාකච්චා කිරීමට නියමිතය.

 

Exit mobile version