ජනාධිපතිගෙ කතාවෙන් ඔවුන් කළ යුද අපරාධ වසන් කළා

මාවෙයි සේනාධිරාජා යාපන‌ේ දී කියයි

දිනසේන රතුගමගේ –

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින්  විරු සමරු උළෙලේදී කරණ ලද කතාව හුදෙක්ම මහ මැතිවරණයේදී මේ රටේ සිංහල බෞද්ධ ඡන්ද අපේක්ෂාවෙන් කළ කතාවක් යැයි දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා   යාපනයේදී පැවසීය.

ඊයේ  (20) යාපනයේදී   මාධ්‍යවේදීන් අමතමින් මාවෙයි සේනාධිරාජා  කියා සිටියේ මෙවැනි කතාවක් ජනාධිපතිවරයා විසින් සිදු කිරීම නිසා මේ රටේ සිංහල බෞද්ධ නොවන ජනතාවටත් දෙමළ ජනතාවටත් දැඩි මානසික පීඩනයක් ඇති වන බවයි.


ජනාධිපතිවරයා තමන් මේ රටේ සියලුම ජාතීන්ගේ නායකයා බව බලයට පත් වූ අවස්ථාවේදී ප්‍රකාශ කළ නමුත් මහ මැතිවරණය ආසන්න බැවින් ඔහු සිංහල බෞද්ධ ජනතාව ඉලක්ක කරගෙන ඔවුන්ව ආමන්ත්‍රණය කිරීම බරපතල වැරැද්දක් බවද කියා සිටියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනාධිපතිවරයා යුද්ධය සාධාරණීකරණය කරමින් ඒ කතාව සිදු කළ නමුත් දෙමළ ජාතික සන්ධානය තවමත් ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටින්නේ යුද අපරාධ සිදු කළ පිරිසට එරෙහිව නීති මගින් කටයුතු කරණ ලෙස බව කී මාවෙයි සේනාධිරාජා  ජනාධිපතිවරයාගේ එම කතාවෙන් යුද අපරාධ සියල්ල වසන් කිරීමට උත්සහ කළ බවද කියා සිටියේය.

Exit mobile version